සල්ලි මවන බිට්කොයින් ආයෝජනය හරියට ඉගෙන ගමු

මොනවද මේ Bitcoin?

ව්‍යාපාරික ලෝකයේ නවතම ආයෝජන රැල්ල ලෙස බිට්කොයින් හදුනා ගන්න පුලුවන්. මේ වන විට ලෝකයේ සෑම දෙයක්ම ඩිජිටල් වෙමින් පවතිනවා.
ඉතින් 2009 වර්ශයේදී සතෝෂි නකමොටෝ (Satoshi Nakamoto) නැමති මෘදුකාංග ඉන්ජිනේරු වරයා බිට්කොයින්(Bitcoin) නමින් ඩිජිටල් මුදල් ඒකකයක්(Cryptocurrency) ලෝකයට හදුන්වා දුන්නා.

දිනෙන් දින ලෝකයේ අවදානය බිට්කොයින් වෙත යොමු වෙනවාත් සමගම බිට්කොයින් වලට ඇති ඉල්ලුමද ඉතා සීග්‍රෙයන් වැඩි විය. ඉතින් 2010 වසරේ දී ඩොලර් එකකට($1) ටත් වඩා අඩුවෙන් පැවති බිට්කොයින් එකක්. අද වන විට ඩොලර් හතලිස් දහසක්($40,000) අසන්නව රැදී තිබෙනවා. හිතාගන්න පුලුවන් නේද ඉල්ලුම කොහොමද කියල. ඉතින් බිට්කොයින් වල මිළ ඉල්ලුමත් සමගම නිතරම වෙනස් වනවා. ඉතින් අපට පුලුවන් යම්කිසි අවස්ථාවක බිට්කොයින් සුළු ප්‍රමානයක් හරි මිලදී අරගෙන මිළ වැඩි වූ අවස්ථාවන් වල විකුණා ඉතා ඉහල ලාභ ලබන්න.

ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මුල සිට බිට්කොයින් මිළදී ගන්නා තැන සිට මුදල් උපයන ආකාරය දක්වා පියවරෙන් පියවර ඔබට කියල දෙන්න.

බිට්කොයින් නිවැරදිව මිළදී ගැනීම සහ මුදල් උපයන ආකාරය පියවරෙන් පියවර

බිට්කොයින් මිළදී ගැනීම සහ ඒ හරහා මුදල් ඉපයීම...

බිට්කොයින් මිළදී ගැනීමේදී අපි තේරුම් ගතම මුතු දේවල් කිහිපයක් තියෙනවා. ඒ තමා අපි බිට්කොයින් මෙන විදිහටද ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියන එක. මෙහිදී වැදගත් වන ප්‍රධාන ආයෝජන ක්‍රම දෙකක් අපට කතා කරන්න වෙනවා.

01. බිට්කොයින් වල මිළ වෙනස් වීම සමග කෙටි කාල පරාස වලදී බිට්කොයින් මිළදී ගැනීම් සහ විකීණීම් සිදු කර ලාබ ලබා ගැනීම.

02. බිට්කොයින් මිළදී ගැනීමෙන් පසු දිගු කාලීන ආයෝජනයක් ලෙස අවුරුද්දකට  හෝ අවුරුදු කිහිපයකට ලග තබා ගැනීම.

ඒ වගේම අපට මේ ක්‍රම දෙකම අවස්ථානුකූලව යොදා ගනිමින් ප්‍රතිලාභ ගන්න පුලුවන්. දිගු කාලීනව බිට්කොයින් වල ආයෝජනය සදහා Cryptocurrency වෙළදපළ පිලිබද සාමාන්‍ය දැනුමක් ප්‍රමාණවත් නමුත් කෙටිකාලීනව මිළදී ගැනීම් සහ විකීණීම් සිදු කරීමට  වෙළදපල පිළිබදව ඉතා හොද දැනුමක් අවශ්‍ය වනවා. ඉතින් අපේ මේ සූදානමත් කෙටිකාලීන සහ දිගුකාලීන ආයෝජනයන් සදහා ඉතා හොද දැනුමක් සහ අවබෝධය ඔබට ලබා දීමයි.  එහෙනම්  අපි මුලින්ම බලමු කොහොමද අපි බිට්කොයින් මිළදී ගැනීම සිදු කරන්නෙ කියල. පහල තියෙන සම්පූර්ණ ලිපිය Button එක ක්ලික් කර  බිට්කොයින් හරි විදහට මිලදී ගන්න අකාරය දැන ගන්න.

මොකක්ද මේ Bitcoin Wallet එකක් කියන්නෙ?

අපි පොදුවෙ Wallet එකක් කියන්නෙ අපේ මුදල් අරක්ෂිතව තබා ගැනීමටත් අපි ගමනක් යද්දි අපට මුදල් පිලිවලකට අරන් ගිහින් ගෙවීම් කර ගැනීමට එහෙමත් නැත්නම් ගණුදෙනු කිරීමටත් පහසුකම් සපයන දෙයක්.

එකකොට ඩිජිටල් මුදල් වලටත් එහෙමත් නැත්නම් Cryptocurrency වලටත්  Wallet තියෙනවද? 

ඔව් අනිවාර්යෙන්ම තියෙනවා. හැබයි මේ Wallet එකත් ඩිජිටල්. ඉතින් ඔයා බිට්කොයින් කියන්නෙ මොකක්ද කියන ලිපිය කියෙව්ව නම් ඔයා දන්නවා අපට බිට්කොයින් හෝ වෙනත් Cryptocurrency කිසිවක් අතින් අලල්ලන්න බෑ කියල. ඉතින් මේ බිට්කොයින් ඇතුලු  Cryptocurrency ආරක්ෂතව තියාකන්න අරන් යන්න ගණුදෙනු කරන්න Wallet වර්ග දෙකක් තියෙනවා. එකක් Web Wallet එක අනෙක් එක Hardware Wallet එක ලෙසින් හදුනා ගන්න පුලුවන්. ඉතින් මීලගට අපි බලමු මොනවද මේ Wallet සහ කොහොමද මේව වඩකරන්නෙ කියල. ඒ වගේම අපි මිළදී ගත්ත Bitcoin මේ Wallet වලට Deposit කරගන්නෙ කොහොමද කියල බලන්න පහල තියෙන සම්පූර්ණ ලිපිය Button එක කිලික් කරල සම්පූර්ණ ලිපිය බලන්න.

බිට්කොයින් වලින් මුදල් උපයන ආකරය හරියටම දැනගමු.

අපි කතා කරපු කොටස් වලින් වැදගත්ම කොටසක් විදිහට මේ කොටස හදුනා ගන්න පුලුවන්. ඔයා මිළ අඩු වෙලාවක බිට්කොයින් අරගෙන වැඩි අවස්ථාවක විකුණන එක හරි සරලයි වගේ පෙනෙන්න පුලුවන්. නමුත් කතාව සරල උනාට අපි මුදල් ආයෝජනයක් කරනවා නම් ඒ පිලිබදව හොද අවබෝධයක් ඇතිව කල යුතු දෙයක්. මොකද වැරදි මොහොතක වැරදි ආයෝජනයක් ලොකු පාඩුවක් වෙන්න පුලුවන් අපට. 

මෙතනදි ලොකු කාලයක් බිට්කොයින් මිළදී ගෙන තියා ගන්න හදන කෙනෙක්ට වෙළදපල ගැන අවබෝධයක් අවශ්‍ය නොවුනත්. අපි කෙටි කාල පරාස වල මිළදී ගැනීම් සහ විකිනීම්(Trade) කිරීමට බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් වෙළදපළ ගැන අවබෝධයක් ලබා ගත යුතුම වනවා.

ඉතින් අපි මේ කොටසෙදි කතා කරනවා අපි කොහොමද බිට්කොයින් වෙළදපලට(Cryptocurrency Exchange) ඇතුල් වෙන්නෙ කියන කාරනාව සහ ඒ තුල ගණුදෙනු කරන ආකාරය පිළිබදව. පහල තියෙන සම්පූර්ණ ලිපිය Button එක කිලික් කර මේ ගැන හොද අවබෝධයක් ලබා ගමු.

Altcoins වල ආයෝජනය

ඒ මොනවද ඒ Altcoins කියන්නෙ? හරි අපි ඉස්සල්ලම ඒක විසදගෙන ඉමු ඒක.  Altcoins කියන්නෙ බිට්කොයින් හැර අනෙකුත් සියලුම ඩිජිටල් මුදල් වලට එහෙමත් නැත්නම් අනෙක් සියලුම Cryptocurrency හදුන්වන්නෙ Altcoins නමින්. ඉතින් බිට්කොයින් වල මිල දැනටමත් ලොකු අගයක් ගන්නවා නමුත් ගොඩක් හොද Altcoins විශාල ප්‍රමානයක් අඩු මිලට තවමත් මිළට ගැනීමේ හැකියාව තියෙනවා.

මේවායේ මිළ ද කාලයෙන් කාලයට ඉල්ලුමත් සමග සිය දහස් ගුණයන්ගෙන් වැඩි වෙනවා. ඉතින් මිල අඩු වෙලාවට අරගෙන වැඩි වෙලාවට Altcoins විකුණන එක හදුන්වන්නෙ ALTCoin Flipping කියල. ඉතින් අපි හොදට හෙයල බලල මේ වගේ Altcoin කිහිපයක් අරගෙන තියාගත්තොත් සමහර විට අපට හිතාගන්නවත් බැරි තරමක මුදලක් හොයා ගන්න පුලුවන්. 

ඉතින් මේ කොටස බිට්කෙයින් ගැන හොයද්දි ඉගෙන ගන්න වැදගත්ම කොටස වෙන්නත් පුලුවන්. හැබැයි හරියට ඉගෙන ගත්තොත් විතරයි.මේ කොටසෙ සම්පූර්ණ ලිපිය බලන්න පහත Button එක ක්ලික් කරන්න.

මොකක්ද මේ Bitcoin Mining කියන්නෙ?

අපි දැන් ඉන්නෙ බිට්කොයින් ගැන කතා කරද්දි මගහැරිය නොහැකි වැදගත්ම කොටසකට. Bitcoin Mining කියන සංකල්පය උඩ තමා මුලු බිට්කොයින් ජාලයම රදා පවතින්නෙ. මෙතනදි වෙන්නෙ බිට්කොයින් ජාලය එහෙමත් නැත්නම් Blockchain Network එක පවත්වාගෙන යෑමට දායකත්වය ලබා දෙන අයට බිට්කෙයින් ජාලය තුලින්ම බිට්කොයින් ප්‍රමාණයක් ලබා දීමයි.

උදාහරණයක් විදිහට ඔයා අවුරුදු ගණනාවකට කලින් ඔයාගෙ ගෙදර තියෙන සාමාන්‍ය Computer එක බිට්කොයින් ජාලයට එකතු කරල බිට්කොයින් උපයන්න තිබ්බ. අන්න ඒකට කමා Bitcoin Mining කියන්නෙ සරලව. අවුරුදු ගණනාවකට කලින් එහෙම කරල Bitcoin Mining කලාට බිට්කෙයින් වල ඉල්ලුම සහ වටිනාකම ඒ අවස්ථාවෙ ඉතාමත් අඩුයි.

ඉතින් අද වන විට බිට්කොයින් වල ඉල්ලුම සහ වටිනාකම ඉතා ඉහලයි. බිට්කොයින් ජාලයත් අතිශයින් විශාල වෙලා. ඒ නිසා අපේ මේ පොඩි Computer එකකින් Bitcoin Mining කරන එක කොහෙත්ම කරන්න බැරි වඩක්. මේක දැන් කරන්නෙ විශාල කර්මාන්ත ශාලා ශාලා වල මහා පරිමාණයෙන්. මේවට කියන්නෙ Bitcoin Mining Farm කියල. පොඩියට කරන්නත් පුලුවන් නමුත් ලාභය ඉතා අඩුයි. 

ඉතින් Bitcoin Mining සහ තාක්ෂණික පසුබිම දැනගන්න කැමති නම් පහල Button එක Click කරල සම්පූර්ණ ලිපිය බල්න්න.

බිට්කොයින් වල තාක්ෂණය සහ එහි ක්‍රියාකාරිත්වය...

ඔබට මේ වන විට බිට්කොයින් පිළිබද සුළු අවබෝධයක් ඇති නමුත් යම්කිසි අයෝජනයක් කරනවා නම් අපි අයෝජනය පිළිබද හොද අවබෝධයක් හා ඉතා හොද දැනුවත් වීමක් කිබීම අතිශය වැදගත්. මොකද අපට යමිකිසි ආයෝජනයක් හරහා නියම විදහට ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන්නේ එවිටයි.

ඉතින් බිට්කොයින් වල ආයෝජනයේදීත් අප එහි තාක්ෂණය සහ වෙළදපල වටපිටාව ගැන ඉතා හොද දැනුවත් වීමක් අවශ්‍ය වනවා. ඉතින් බිට්කොයින් මිළදී ගැනීමට පෙර ඔබට ඒ අවශ්‍ය කරන දැනුම මෙම වෙබ් අඩවිය හරහා ඔබට ලබා ගන්නට පුලුවන්. ඉතින් ඔයාලට පුලුවන් මේ ලිපි පෙල හරහා බිට්කොයින් පිළිබද මූලික දැනුම  වගේම මේ පිළිබද ගැඹුරින් හදාරන්න කෙනෙතුට ඒ සදහා අවශ්‍ය දැනුමද ලබා ගන්නට.

ඉතින් මේ බිට්කොයින් සහ එහි භාවිතා වන බ්ලොක්චේන් තාක්ශණය(Blockchan Technology) අනාගත ලෝකයේ ඉදිරි පියවරක් ලෙස හදුනා ගන්න පුලුවන්. අන්න ඒ නිසාම තමා මේ බිට්කොයින් මෙතරම් වටින්නෙ. අපේ පලමු ලිපියෙන් බිට්කොයින් හි තාක්ෂණය,  එහි මිල වෙනස් වීමට බලපාන විවිධ සාධක පිළිබදව කතාකරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පහල තියෙන සම්පූර්ණ ලිපිය Button එක ක්ලික් කරල පලමුවන ලිපිය කියවන්න.

Binance Trading මුල සිට සරලව ඉගෙන ගනිමු

ලෝකයේ ජනප්‍රියම Cryptocurrency Exchange ඒකක් වන Binance හරහා මුදල් උපයන ආකාරය A to Z දැනුම. Binance තුල මුදල් උපයීමට විවිධ ක්‍රම රාශියක් ඇති අතර ඒ සියලුම ක්‍රම පිලිබදව පිළිවලින් කතා කරනවා. Binance Tutorial වෙත පිවිසීමට පහත Button එක Click කරන්න.

Cryptocurrency Market එකේ Signals සහ News සිංහලෙන්ම
Phone එකට ගෙන්වා ගන්න.

Bitcoin සහ Cryptocurrency වෙළදපල තුල දිනපතාම මිළ වැඩි වීම් සහ අඩු වීම් සිදු වේ. මෙවැනි අවස්ථා හරහා ලාභ ලබා ගත හැකි හොදම අවස්ථා පිළිබද තොරතුරු  ඔබගේ ජංගම දුරකථනයට නොමිලයේ ලබා ගැනීම සදහා පහත ඇති Form එක පුරවා Free Crypto Signals ලෙස ඇති Button එක Click කරන්න.






    ඇයි මෙච්චරම බිට්කොයින් වටින්නෙ?

    බිට්කොයින්
    වලින් මොනවද කරන්න පුලුවන්

    ආරක්ෂිතව ලග තබා ගත හැකි වීම

    බිට්කොයින් මිල දී ගැනීමෙන් පසුව නැවත මිල වැඩි වන තෙත් හෝ ආයොජනයක් ලෙස ඇති තරම් මුදල් ප්‍රමානයක් ඔනෑම කාලයක් තබා ගත හැකිය.

    ගණුදෙනුව සදහා අයකිරීම අඩුය

    වෙනත් විදිහට කිව්වොත් ඉතා අඩු Transaction Fees එකක් වැය වීම. අපි කොතරම්බි බිට්කොයින් ප්‍රමාණායක ගණුදෙණුවක් කලත් වැය වන්නේ එකම ප්‍රමාණයක අඩු Fee එකකි.

    ඉතා වේගවත්ව ගණුදෙනු

    බිට්කොයින් ගණුදෙනු සිදුවන්නේ සම්පූර්ණයෙන්ම Online Blockchain තාක්ෂණය හරහා නිසා අතරමැදියන් ගෙන් තොරව වේගවත් ගණුදෙණු සිදු කල හැකිය.

    භාන්ඩ හා සේවා සදහා ගෙවීමේ හැකියාව

    ශ්‍රී ලංකාවේ තවමත් ප්‍රචලිත නොවුනත් දැනට ලෝගයේ බොහෝ රටවල් වල හෝටල්, ආපන ශාලා වල සහ විවිධ සේවා සදහා බිට්කොයින් වලින් ගෙවීම්සිදු කල හැකිය.

    පෞද්ගලිකත්වය ආරක්ෂා කරයි

    ගණුදෙනුවක් සිදු කරන විට බිට්කොයින් ලබා දෙන පාර්වශය හා ලබා ගන්නා පාර්ශවය හැර වෙනත් පාර්ශවයන්ට ගණුදෙනුවේ තොරතුරු ලබා ගත නොහැක.

    සොරකම් කරීම කළ
    නොහැක

    සම්ප්‍රදායික මුදල් සොරකම් කල හැකි වුවත්, බිට්කොයින් Wallet එකේ තෙරතුරු ආරක්ෂා කර ගත හැකි නම් කිසිවෙකුට ඔබේ බිට්කොයින් සොරකම් කල නොහැක.