මේ ලිපියෙ අරමුණ තමා බිට්කොයින් මිළදී ගැනීමට පෙර එය ආරක්ෂිතව තබා ගැනීම සදහා wallet එකක් සදා ගන්නා ආකාරය පිළිබදව ඔබට අවශ්‍ය දැනුම ලබා දීම. ඔයාල දැනටම දන්නවා අපට බිට්කොයින් කියන්නෙ ඩිජිටල් මුදල් ඒකකයක් ඉතින් අපිට Bitcoin සාමප්රදායික මුදල් මෙන් අතින් අරගෙන තවත් කෙනෙකුට දෙන්න බෑ. මොකද Bitcoin කියන්නෙ ඩිජිටල් මුදල් ඒකකයක්. ඉතින් Bitcoin වලින් ගනුදෙණු කරන්නත් ඩිජිටල් Wallet එකක් අවශ්‍ය වෙනවා.
Bitcoin Wallet එකක් සදා ගැනීමට කලින් Wallet එකක් කියන්නෙ මොකක්ද කියන එක සහ එහි ක්‍රියාකරිත්වය හදුනා ගැනීම ඉතා වැදගත්. අපට බිට්කොයින් Wallet එකකින් කරන්න පුලුවන් දේවල් තුනක් තියෙනවා හරියට නිකන් බැංකු ගිණුමක් වගේම තමා.
Bitcoin Wallet එකක අරමුණු
- බිට්කොයින් ලබා ගැනීම – Receive Bitcoins
- තැම්පත් කර තබා ගැනීම – Store Bitcoins
- වෙනත් කෙනෙකුට යැවීමට හෝ ගෙවීම් සිදු කර ගැනීමට – Send Bitcoins
අපි Bitcoin Wallet එකක් සාදා ගන්නා විට Bitcoin Blockchain එකේ අපට අදාලව Wallet එකක් නිර්මාණය වෙනවා. අපට මේක Blockchain එකේ Node එකක් කියල හදුන්වන්න පුලුවන්. ඉතින් අපි අපි Bitcoin Wallet එකක් සාදන සෑම අවස්ථාවකම Bitcoin Blockchain එකේ Node එකක් සෑදෙනවා. ඒ වගේම අපට ඒ Node එක එක Unlock කර ගැනීම සදහා Privet Key එකක් එහෙමත් නැත්නම් Password එකක් ලැබෙනවා. අපේ Privet Key එක එහෙමත් නැත්නම් Password එක සෑම විටම රහසිගතව තබා ගත යුතුයි.
ඒ වගේම තමා Public Key එකකුත් ලැබෙනවා ඒකටම තමා අපි Bitcoin Wallet Address එක කියල කියන්නෙත්. කෙනෙක් අපට බිට්කොයින් එවන විට අපට බිට්කොයින් එවිය යුත්තේ අපේ Bitcoin Wallet Address එකටයි. හරියට නිකන් Bank Account එකක Account Number එක වගේ. අපට Bitcoin Wallet Address එක පහත පරිදි උදාහරණයක් විදහට දක්වන්න පුලුවන්. එය අකුරු සහ අංක සහ අකුරු එකතු වෙලා තමා හැදිල තියෙන්නෙ.
Example: 12XLTJ4x2fAkd4JQfQXziNJFHje1WSNc2D
අපි බිට්කොයින් වෙනත් කෙනෙකුට යවනවා නම් මුලින්ම අපේ Password එක යොදාගනිමින් අපේ Wallet එක Unlock කරගත යතුයි. ඉන් පසුව යැවිය යුතු Wallet එකේ Wallet Address එකට බිට්කොයින් යැවීම සිදු කර ගත හැකියි.
මෙතකදි ඉතා හොදින් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. අපි බිට්කොයින් කුමන ආකාරයේ Wallet එකක තැන්පත්(Deposit) කලත් බිට්කොයින් සෑම වෙලාවකම තියෙන්නෙ Blockchain එකේ අපේ Wallet එකට අදාල Node එකේ. Wallet එකෙන් වෙන්නෙ Blockchain එකේ Node එකට අපව සම්බන්ධ කර තැබීමයි.
ඉතින් මෙතනදි අපට හදුනා ගන්න පුලුවන් Wallet වර්ග ප්‍රධාන වශයෙන් පහක් පමණ තියෙනවා. අපි පිළිවලින් කතා කරනවා Web Wallet, Hardware Wallet, Desktop Wallet, Mobile Wallet සහ Paper Wallet ලෙසින් හදුනා ගන්න පුලුවන්. අප මෙම ලිපිය හරහා කතා කරන්තේ අද වන විට Bitcoin සහ Cryptocurrency සමග වැඩ කටයුතු සිදු කරන බහුතරයක් භාවිතා කරන Web Wallet එක සහ Hardware Wallet එක පිළිබදවයි. අප අනෙකුත් Wallet සහ ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබදව වෙනත් ලිපියකින් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.
01. Web Wallet
සරලවම කිව්වොත් Web Wallet එකක් කියන්නෙ Online Wallet එකකට. අපිට මේ Web Wallet එකක් සාදා ගැනීමට හැකිවෙන්නෙ Website එකක් හරහායි. ඉතින් මේ වන විට ජනප්‍රිය Web Wallets කිහිපයක් හදුනාගන්න පුළුවන්. ආරක්ෂාව සහ ලබාදෙන පහසුකම් සමග Coinbase.com සහ Blockchain.com යන වෙබ් අඩවි හරහා ලබා දෙන Web Wallet ඉහල ස්ථානයක් ගන්නවා. ඒ අතරින් Coinbase වෙබි අඩවිය හරහා ලබාදෙන Wallet එක නිවැදිව සාදා ගන්නා ආකාරය පියවරින් පියවර පහත පරිදි දක්වා දක්වා ඇත.
මුලින්ම මෙතනින් coinbase.com වෙබ් අඩවියට යන්න. ඔබ වෙබ් අඩවිට පිවිසීමෙන් පසු දකුණු පස ඉහල ඇති Get Started කොටස ක්ලික් කරන්න.
ඉන්පසුව එන Page එකේ පිළිවෙලින් ඔබේ නම, ඊ මේල් එක සහ ඉතා ශක්තිමත් Password එකක් යොදන්න. කිසිම ලෙසකින් වෙනත් අයෙක්ට සිතා ගැනීමට අපහසු Password එකක් යෙදීමට හොදින් මතක තබා ගන්න. අදාල තොරතුරු නිවැරදිව ලබා දීමෙන් පසු පහලින් ඇති Create Account කොටස ක්ලික් කරන්න.
ඉන්පසුව පහල පිළිවලින් දක්වා ඇති පරිදි මීළගට ඔබගේ Email ලිපිනය තහවුරු කර ගැනීම සදහා Coinbase එකට ඔබ විසින්ල බා දුන් Email ලිපිනයට Email එකක් යවා ඇති බව සදහන් කරනවා.
දැන් ඔබ ලබා දුන් Email ලිපිනයට ඇතුල් වී Coinbase එකෙන් එවා ඇති Email එක Open කර ගන්න. එවිට දෙවන Screenshot එකේ ඇති පරිදි Verify Email Address යන කොටස Click කරන්න.
මීලගට ඔබට ඔබට තුන්වන පින්තූරයේ ඇති පරිදි ඔබගේ Phone Number එක ඇතුලත් කිරීමට කොටසක් පැමිනෙනවා එහිදී ඔබ භාවිතා කරන Phone එකේ අංකය ඇතුලත් කර Send Code යන්න Click කරන්න. එවිට ඔබ ලබා දුන් අංකයට Coinbase එකෙන් Code එකක් ලබෙන අතර මීලගට හතරවන රූපයේ පරිදි එම Code එක ඇතුලත් කීරීමට කොටසක් පැමිනෙනවා. එහිදී ඔබ ලබාදුන් Phone Number එකට එවා ඇති Code එක ඇතුලත් කර Submit කොටස Click කරන්න.
පසු අවස්ථා වල ඔබ Coinbase එකට Log වන අවස්ථා වලදී ඔබගේ Coinbase Account එකේ ආරක්ෂාව සදහා මේ ආකාරයෙන් ඔබගේ Phone එකට Code එකක් ලබා ගැනීමේ හැකියාව පවතින්වා. එය අපගේ Coinbase Account එකේ ආරක්ෂාව සදහා ඉතා වැදගත්.
මීලගට Coinbase එකේ Settings සාදා ගන්නා ආකාරය බලමු. දැන් ඔබ Coinbase Account එකට ඇතුල් වෙලා ඉන්නෙ. ඔයාලට පේනවා ඇති පහත රූපයේ අංක දමා ඇති ස්ථානයන් පිළිවලින්. පළමුව අංක කර ඇති ස්ථානයේ Profile Icon එක මත Click කර ලැබෙන Menu එකේ Settings යන්න Click කරන්න.
Settings යටතේ මුලින්ම Profile එකට අදාලව තොරතුරු ලබා දෙමු.
ඔබට පහත පරිදි ලැබෙන Form එකට නිවැරදිව ඔබේ තොරතුරු ඇතුලත් කරන්න. මීලගට Unit ලෙස ඇති කොටසට ඔබගේ නිවසේ හෝ Apartment එකේ අංකය ලබා දෙන්න. එහෙම එකක් නැත්නම් එය හිස්ව තබන්න. මීලගට State කොටසට ඔබගේ State එකේ කෙටි නාමය ලබා දෙන්න. එසේත් නැත්නම් ඔබගේ පලාතට අදාල කෙටි නාමය. උදාහරණයක් විදිහට NY, CP වගේෙ. අවසාන වශයෙන් ඔබගේ Postal Code එක මෙතනින් ගිහින් බලා ගන්න. Postal Code එක කියන්නෙ ඔබට ලිපි ලැබෙන තැපැල් කාර්යාලයට අදාලව ඇති Code එක වන අතර. පෙර ලබා දුන් Link එකට ගිහින් ඔබට ආදාල රට තෝරා ඔබගේ තැපැල් කාර්යාලය Search කරන්න. එහි Codes යන්නෙන් ලැබෙන කෙටසේ ලබෙන්නේ ඔබගේ තැපැල් කාර්යාලයට අදාල Postal Code එකයි. එය Coinbase Account එකේ Postal Code ට ලබා දෙන්න.
දෙවනුව ඉහත රූපයේ Settings යටතේම ඇති Security කොටස Click කරන්න. එහිදී ඔබට Phone numbers සහ 2-step verification යන කොටස් දෙක බලා ගන්න පුලුවන්. Phone Numbers කොටසට අපි Coinbase Account එක හදනකොටම Phone Number එක ලබා දී Verify කරගත් නිසා එහි කිසිවක් වෙනස් කිරීමට අවශ්‍ය නෑ. ඔබට Phone Number එක වෙනස් කිරීමට අවශ්‍යතාවක් පැමිනියහොත් ඒ හරහා එය සිදු කර ගත හැකියි.
අපි මීළගට 2-step verification යන කොටසෙහි අපගේ Coinbase Account එකේ ආරක්ෂාව තව දුරටත් වැඩි කර ගත හැකියි. පහත රූපයේ පළමු කොටසේ Current ලෙස සදහන් කර ඇත්තේ ඔබ Coinbase Account එක සෑදීමේදී ලබා දුන් Phone Number එක වන අතර එගින් ඔබ Coinbase Account එකට ඇතුල් වන සෑම අවස්ථාවකම Code එකක් ලබා දී ගිණුමේ ආරක්ෂාව වැඩි කරීමක් සිදු කරයි.
මීට අමතරව අපගේ Coinbase Account එකේ ආරක්ෂාව තව දුරටත් වැඩි කරගැනීම සදහා පහත රූපයේ පළමු කොටසේ Other Option යටතේ ඇති Authenticator Option එක Activate කර ගැනීමෙන් සිදු කර ගත හැකියි. මෙහිදී ඔබ මුලින්ම ඔබගේ Phone එකට Google Authenticator App එක Download කර ගත යුතුයි. ඉන් පසුව පහත රූපයේ පළමු කොටසේ Other Option යටතේ ඇති Authenticator Option එක Select කරන්න. එහිදී ඔබගේ Phone එකට පැමිනෙන Code එකක් ලැබෙන අතර එය ලබා දෙන්න. ඉන් පසුව පහත රූපයේ දෙවන කොටසේ ඇති ලෙස පියවරක් පැමිනෙයි. එහිදී ඔබ Download කර ගත් Google Authenticator App එක Open කරගෙන එහි ඉහල කොටසේ ඇති Plus සලකුණ ලබා දෙන්න. එවිට QR Code එක Scan කිරීමට Option එකක් ලබෙන අතර එය ලබා දී QR Code එක Scan කර ගන්න. එවිට අංක හයකින් යුතු සෑම විනාඩියකට වරක්ම වෙනස් වන නව Code එකක් Authenticator App එක හරහා ලැබෙනවා. ඒ වගේම එම QR Code එකේ Screenshot එකක් ලබාගෙන එය ආරක්ෂත ස්ථානයක Save කර ගන්න. යම්කිසි අවස්ථාවක ඔබගේ Phone එක නැති වුවහොත් නැවත Code එක ලබා ගැනීමට එය වැදගත් වනවා.
දැන් පහත රූපයේ දෙවන කොටසින් ඔබට පෙනෙන්නට තිබෙන Enter your 2-step verification code යන කොටසට Authenticator App එකේ ඇති Code එක ලබා දී Enable කරන්න. මෙතැන් සිට ඔබ Coinbase ගිණුමට ඇතුල් වන සෑම අවස්ථාවකම Authenticator App එක හරහා Code එක ලබා දීමට සිදු වනවා.
ඉදිරි අවස්ථාවන් රැසක Authenticator App එක භාවිත කිරීම කිරීමට සිදු වන නිසා මේ ආකරයෙන් ඔබට මේ සෑම පියවරක්ම පැහැදිලි කරීමට හේතුව ලෙස දක්වන්න පුලුවන්.
දැන් අප Coinbase Account එක සාදාගෙන අවසානයි. මීලග පියවර වන්නේ Coinbase Wallet එකට Bicoin Deposit කිරීමයි. මේ සදහා මුලින්ම පහත රූපයේ Coinbase Account ඉහල Menu එකේ ඇති Portfolio වලට යන්න. ඉන්පසුව එහි පහලින් ඇති Bitcoin තෝරා ගන්න. මීලගට ඔබ පහල රූපයේ දෙවන කෙටසේ ඇති පරිදි කොටසක් ලැබේ.
එහිදී ඔබට පැහැදිලි කරනවා ඔබට ලබා දෙන Bitcoin Address එකටම Bitcoin එවන ලෙසත්, යම්කිසි හෙයකින් Bitcoin Address එක වැරදි වුවහොත් ඔබගේ බිටිකොයින් අහිමි වන බවයි. එම නිසා ඔබට ලැබෙන Bitcoin Address එකම නිවරදිව භාවිත කල යුතු වෙනවා. ඒ වගේම Bitcoin Address එකට වෙනත් Cryptocurrency එවීමෙන් මෙන්ම වෙනත් Cryptocurrency Address වලට Bitcoin යැවීමෙන්, ඔබගේ Bitcoin Address එක වැරදීමෙන් ඔබගේ Bitcoin වගේම අනෙකුත් Cryptocurrency ඔබට නැවත ලබා ගැනීමට හැකියාවක් නැත. ඒ නිසා කිහිප වරක් Check කිරීමෙන් පසුව Bitcoin සහ අනෙකුත් Cryptocurrency යැවීමේදී හා ලබාගැනීමේදි දැඩි ලෙස සැලකිලිමත් විය යුතුයි. එහෙනම් දෙවන රූපයේ ඇති I Understand ලබා දෙන්න.
මීලගට ඉහත රූපයේ පරිදි කොටසක් ලැබෙනවා. එහි Receive තෝරන්න. ඉන්පසු ඉහත රූපයේ QR Code එකක් සමගින් පහත අපගේ Bitcoin Wallet Address එක ලැබෙනවා. එහි Address එකට දකුණු පසින් Bitcoin Wallet Address එක Copy කරගැනීමට ඇති Option එකෙන් Address එක Copy කර ගන්න. දැන් අපි Bitcoin මිලදී ගැනීමෙන් පසු අපගේ Coinbase Wallet එකට Bitcoin එවනවා නම් හෝ වෙනත් අයෙක් ඔබට Bitcoin එවනවා නම් Bitcoin එවිය යුත්තේ මෙම Address එකටයි. අපි Bitcoin මිලදී ගැනීමට අදාල ලිපියේදී ඉදිරි පියවර පිළිබද කතා කරමු.
02. Hardware Wallet
මේ වන විට වෙළදපලේ නොයෙක් වරගයේ Hardware Wallet මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා නමුත් ආරක්ෂාවත් සහ ගුණාත්මකතාව අතින් වඩාත් හොද පිළිගැනීමක් ඇත්තේ Ledger නැමති සමාගම විසින් නිපදවන ලබන Hardware Wallet එක සදහා වේ. මෙම සමාගම විසින් දැනට Hardware Wallet වර්ග කිහිපයක් විවිධ පහසුකම් සමගින් වෙළදපලට නිතුත් කර ඇත.
ඔයාල දැනටමත් දන්නවා Bitcoin සෑම වෙලාවකම තියෙන්නෙ Bitcoin Blockchain එක තුලමයි කියල. මෙහිදී Blockchain එක තුල ඇති අපේ Bitcoin Wallet එක Unlock කරගැනීමට Privet Key එක ලෙසින් ක්‍රියා කරන්නේ මෙම Device එකයි. මෙය නිවැරදිව භාවිතා කරන ආකාරය පහත වීඩියෝ එක තුලින් ඔබට ඉතා හොද අවබෝධයක් ලබා ගත හැකියි. ඒ වගේම ඔබට මෙය Ledger වෙබ් අඩවිය හරහා මිළදී ගත හැකියි. ඒ වගේම ඔබ හොදීන් මතක තබා ගත යුතුයි Ledger වෙබ් අඩවිය හරහාම මිළදී ගැනීමට මොකද වෙනත් පාර්ශව හරහා මෙය මිළදී ගැනීම තුල ඔබගේ බිට්කොයින් වල ආරක්ෂාව පිළිබද විවිධ ගැටලු මතු විය හැකියි. අපි පහත දක්වා ඇති “Buy Ledger” Button එක Click කිරීමෙන් Ledger Official Web Site එකට පිවිසෙන්න පුලුවන්. එයින් ඔබට Genuine Ledger Device එක දින කිහිපයක් ඇතුලත DHL හරහා නිවසටම ගෙන්වා ගත හැකියි.Buy Ledger
අපි මිළග ලිපියෙන් කතා කරන්නෙ අපි කොහොමද බිටිකොයින් නිවැරදිව මිලදී ගන්නා ආකාරයයි. එය මෙම ලිපි මාලාවේ වැදගත්ම ලිපි අතරින් ඉතා වැදගත් ලිපියක් වන අතර මීලගට එම ලිපියෙන් හමුවෙමු.
මීළග ලිපිය:
නිවැරදිව Bitcoin මිළදී ගමු – Buy Bitcoin & Cryptocurrency in Sri Lanka