ඔබට දැන් බිට්කොයින් වල ක්‍රියාකාරිත්වය සහ තාක්ෂණය ගැන අවබෝධයක් පසුගිය ලිපි වලින් ලැබුණා. මෙම ලිපිය හරහා ඔබට බිට්කොයින් මිළදී ගන්නා ආකාරය සහ එය අපි කලින් ලිපියයේ දී සාදා ගන්නා ලද Wallet එකට යවන ආකරය ඉගෙන ගන්නවා. මෙතනදී අපි විශාල ලෙස සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා ඒ අතරින් ඔබ මුලින්ම සලකිලිමත් විය යුතු කරුණ තමා ඔබට දැරිය හැකි මුදල් ප්‍රමාණයක් පමනක් මෙහි ආයෝජනය. ඔබ දැනටමත් දන්නව ආයෝජනයේ අවදානම වැඩි වෙද්දි අවදානමත් ඊට සාපේක්ෂව වැඩි වෙනවා. වෙනත් විදිහකට කියනවා නම්, “High risk high return, Low risk low return” ඉතින් ඒක හොදින් තේරුම් අරන් මේ වැඩේ පටන් ගන්න අවශ්‍යයි. මේක තේරුම් ගන්න බැරි කෙනෙක්ට කවදාවත් සාර්ථක ආයෝජකයෙක් වෙන්න බෑ. ඉතින් ඔයාල Bitcoin හෝ Cryptocurrncy එකක ආයෝජනයෝජනය කරද්දි ඔයාලට අවස්ථා දෙකක් එනව ඔයාලගෙ හිත කලබලයට පත් වෙන.

  1. හිතාගන්න බැරි විදිහට ලාභ ලබන අවස්ථාව
  2. දැඩි ලෙස පඩු ලබන අවස්ථාව

මෙහි පලමු අවස්ථාවේදී හිතන්න ඔබ ආයෝජනය කල මුදල මෙන් හතරපස් ගුණයකින් හෝ ඊටත් වඩා වැඩි ගණනකින් ඔබ ලාභ ලබා ඇති අවස්ථාවක් ගැන. ඒ වගේ අවස්ථාවකදී ආයෝජකයෙක් කරණ ලොකුම වැරද්දක් තමා තමා ලබා ගත් ලාභය ලබා ගනනේ නැතිව තව තවත් ලාභ ලබා ගැනීමේ අරමුනින් තමන්ට දරා ගත නොහැකි මට්ටමෙන් තමන් සතු මුදල් ආයොජනය කරන්න යන එක. ඉතින් ඒ වගේ අවස්ථාවක ඔබ ලබා ගත් ලාභයත් පසුව ආයෝජනය කල මුදලත් යන දෙකම අහිමිවීමේ දැඩි අවදානමක් පවතිනවා.

ඒ වගේම තමා දැඩි ලෙස පාඩු ලබද්දිත් ඔබගේ පාඩුව පියවා ගැනීම සදහා තව තවත් මුදල් ආයෝජනයට ආයෝජකයන් පෙලබෙනවා. අන්න ඒ නිසා තමයි තමන්ට දරා ගනීමට හැකියාවක් ඇති මුදල් ප්‍රමාණයක් මෙහි ආයෝජනය කරන්න කියල සෑම වෙලාවකම අපි කියන්නෙ. මොකද ඕනෙම ආයෝජනයක් තුල අවදානමක් තියෙනවා. ඒ වගේම තමා සාර්ථක ආයෝජකය සෑම අවස්ථාවකම ලාභ ලැබුවත් පාඩු ලැබුවත් කලබලයක් නෑ. ලාභ ලබන අවස්ථාවේ ලභය ලබා ගන්නව වගේම පාඩු ලබන අවස්ථාවන් වල පාඩුව අවම කරගනිමින් තමන්ගේ ආයෝජනය ලාභ ලබන තත්වය කරා රැගෙන යනවා. හරි ඔන්න එහෙනම් ඔයාල ඒකත් හොදින් තේරුම් ගත්ත කියල හිතනවා. මොකද Bitcoin මිලදී ගන්න කලින් ඔයාල ඒක හොදින් තේරුම් ගත යුතුයි.

හරි දැන් අපි මාතෘකාවට එමු අපි කොහොමද Bitcoin Buy කරන්නෙ? මෙතනදි ලංකාවෙ පුරවැසියන් විදිහට අපට සෘජුව Bitcoin මිලදී ගැනීමට අවස්ථාවක් නෑ. ලෝකයේ බොහෝ රටවල Bitcoin හරහා ගණුදෙනු කරද්දි, විවිධ භාන්ඩ හා සේවා සදහා ගෙවීම් කරද්දි අපේ රට තවමත් ඊට සූදානමක් නෑ. අඩුම තරමින් තාවමත් Paypal සේවාවවත් සම්පූර්ණ වශයෙන් අප රටට සහයෝගය දක්වන්නේ නෑ. හරි එහෙමයි කියල අපි වැඩේ අත ඇරල බෑ. දැනටමත් ලංකාවෙ තරුණ පිරිස් අන්තර්ජාලය හරහා හිතාගන්නවත් බැරි තරම් සල්ලි සල්ලි හොයනවා. ඒ වගේම පිට රට වල ඉන්න ශ්‍රී ලංකිකයන්ටත් ප්‍රශ්ණයක් නැතිව Bitcoin මිළදී ගැනීමට සහ ගණුදෙනු කිරීමට ඒ රටවල් වලින් පුල්වන්. අපි වෙනම ලිපියකින් ඒ අයට බිට්කොයින් මිලදී ගන්න ආරය පිලිබදව කියල දෙන්නම්

හරි ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අපි බට්කොයින් මිලදී ගන්නව නම් ලේසිම විදිහ තමා Binance වෙබ් අඩවිය හරහා මිළදී ගන්න එක. දැනට අවුරුදු කිහිපයකට කලින් Cex, Coinmama කියන වෙබ් අඩවි සහ එවැනි ප්‍රධාන පෙලේ තවත් වෙබ් අඩවි බොහෝ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ අපට සෘජුව Bitcoin මිලදී ගැනීමට සහයෝගය දැක්වුවත් ලංකාවේ බැංකු ඒවාට සහයෝගය නොදැක්වීම නිසා ඔවුන් ශ්‍රී ලංකාවට සේවා සැපයීම අත්හිටවනු ලබුවා. ඒ නිසා දැනට ලේසිම විදිහ තමා Binance වෙබ් අඩවිය හරහා Bitcoin මිළදී ගන්න එක. ඒ සදහා Binance වෙබ් අඩවිය තුල නිවැරදිව Account එකක් සාදා ගන්නා ආකාරය පහත පරිදි පිලිවලින් අපි ඔබට කියල දෙනවා. මේ සදහා ඔබට ඔබගේ Phone එක හෝ Computer එක Laptop එක පාවිච්චි කල හැක. මුලින්ම පහත තියෙන Create Binance Account Button එක Click කරන්න.

මීලග ලිපියේදී අපි කතා කරනවා අපි මේ මිළදී ගත්ත Bitcoin වලින් ලාභ ලබා ගන්නා ආකරය පියවරෙන් පියවර.

මීළග ලිපිය:
බිට්කොයින් හරහා සාර්ථකව මුදල් උපයමු – Bitcoin Trading Sri Lanka