අපි මේ දක්වා කතා කල ප්‍රධාන ලිපි මාලාවේ අවසාන ලිපිය ලෙසින් මෙම ලිපිය හැදින්විය හැකියි. මේ හරහා ඔබට Bitcoin Mining පිලිබදව ඉතා හොද අවබෝධයක් සහ දැනුම ලබා දීමට අප බලාපොරොත්තු වනවා. ඉතින් ඔයාලට දැනටමත් Bitcoin Mining පිළිබද යම් තාක් දුරට අවබෝධයක් ඇති මොකද අපි පසුගිය ලිපි කිහිපයක සුලු වශයෙන් අපි මේ ගැන කතා කලා. නමුත් අපි මේ ලිපියෙන් කතා කරනවා Bitcoin Mining කියන්නෙ මෙකක්ද එහි අතීත සහ වර්ථමාන තත්වය පිලිබදව. ඒ වගේම අපි කොහොමද Bitcoin Mining කරන්නෙ කියල.

අපි කලින් ලිපි වල සමහර කොටස් වලින් කිව්ව ලෙසටම සරලව කිව්වොත් Bitcoin Mining කියන්න‍ෙ

බිට්කොයින් ජාලය එහෙමත් නැත්නම් Blockchain Network එක පවත්වාගෙන යෑමට දායකත්වය ලබා දෙන අයට බිට්කෙයින් ජාලය තුලින්ම බිට්කොයින් ප්‍රමාණයක් ලබා දීමයි.

ඔයාල මේ වෙද්දි දන්නවා බිට්කොයින් ක්‍රියාත්මක වන්නේ Blockchain එකක කියන දේ ගැන. කව්රු හරි Bitcoin ගැන හොයන කෙනෙක් මේ ලිපිය මුලින්ම බලනවා නම්. අපගේ වෙබ් අඩවියේ මුල සිට බලනවා බලන්න එතකොට Blockchain ගැන වගේම Bitcoin ගැන ගෙඩක් දේවල් ඔබට ඉගනෙගන්න පුලුවන්. හරි අපි ආයෙත් මාතෘකාවට එමු. අතීතයේදී මේ Bitcoin Blockchain එක ගොඩක් ලොකු නෑ. ලොකු ඉල්ලුමක් තිබ්බෙ නෑ. ගොඩක් දෙනා Bitcoin පාවිච්චි කලේ නෑ එම නිසා මේ ජාලය එහෙමත් නැත්නම් Bitcoin Blockchain එක පවත්වාගෙන යාමට ගොඩක් Computers(Hardware) මේ Bitcoin Blockchain ජාලයට සම්බන්ධව තිබීම අවශ්‍ය වූයේ නෑ. පහල තියෙන පින්තූරය බලන්න. ඔයාලට තේරුම් ගන්න පුලුවන් පසු කාලීනව Bitcoin ඇති ඉලුලුම සමග Bitcoin වල Price එක වෙනස් වූ ආකාරය.

ඉතින් 2011 -2012 වගේ කාලයේ ගෙදර තිබ්බ පොඩි පොඩි Computer එක මේ Bitcoin Blockchain එකට එකතු කර Bitcoin Mining කරන්න හැකියාව තිබ්බා. මොකද Bitcoin Blockchain එක ඉතා පොඩියි. ඒ හරහා සිදු වන ගනුදෙනු ප්‍රමාණය අඩුයි. ඒ නිසා Bitcoin Blockchain පවත්වාගෙන යාම සදහා වැඩි බලයක් සහිත Computers(Hardware) අවශ්‍ය වූයේ නෑ. ඒ නිසා ඒ කාලයේ පොඩි පිරිසක් තමයි මේ Bitcoin Mining සිදු කලේ. නමුත් කාලයත් සමග Bitcoin වල ජනප්‍රිය තාවය වැඩි වෙමින් ඉල්ලුම වැඩි වන විට පොඩි පොඩි Computers(Hardware) වලින් සුලු පිරිසකට මේ වැඩේ කරගෙන යෑමේ හැකියාව අඩු වුනා. නමුත් Bitcoin වල ජනප්‍රියතාව වැඩි වෙද්දි ඊට සාපේක්ෂව Bitcoin වල මිලද සීඝ්‍ර ලෙසින් වැඩි වුනා. ඉතින් බොහෝ පිරිසක් වැඩි බලයක් සහිත Computers(Hardware) Bitcoin Blockchain එකට එකතු කරමින් Bitcoin Mining සිදු කරගෙන යනවා. ඒ වගේ මහා පරිමාණයෙන් Bitcoin Mining කරන තැන් අපි “Bitcoin Mining Farm” ලෙසින් හදුන්වනවා. පහල රූපය‍ෙන් ඔයාලට බලාගන්න පුලුවන් ඒ වගේ Bitcoin Mining Farm එකක්.

ඔයාලට දැන් හොදට පැහැදිලි ඇති Bitcoin Mining කියන්නෙ මොන වගේ දෙයක්ද කියල. නමුත් මේ වෙද්දි ලංකාවේ විදුලි බලය සහ Computers(Hardware) වල මිල සමග අපට ලංකාව ඇතුලෙ Bitcoin Mining කරන එක ප්‍රායෝගිකව සාර්ථක නෑ. නමුත් අපට වෙනත් රටක ඇති Bitcoin Mining Farm එකකට සම්බන්ධ වෙලා Bitcoin Mining කිරීමේ හැකියාව තවමත් අපට තියෙන්වා. අපි මේ ලිපිය හරහා ඒ පිළිබදව මුල සිට කියල දෙනවා.

ඒ වගේම ඔයාලට මේ ලිපිය හරහා Bitcoin Mining වල තක්ෂණික පැත්ත සුලු වශයෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වන අතර Bitcoin Mining කරන්න ආස කෙනෙක්ට Bitcoin Mining වගේම අනෙකුත් ලාභ ලැබිය හැකි Cryptocurrency Mining කරන ආකාරය පිලිබදව වෙනම ලිපියකින් ඔයාලට කියල දෙන්න බලාපොරොත්තු වනවා.

අපි තවදුරටත් මේ Bitcoin Mining සරල කර ගමු. මේ Bitcoin ජාලය එහෙමත් නැත්නම් Blockchain එක තුල ඔබ ගනුදෙනුවක් කල විට එය Blockchain තුල සටහන් වෙනවා. එය මුලු බිට්කොයින් ජාලය තුලම සටහන් වනවා. Bitcoin කොපමන ප්‍රමාණයක්ද, කොයි වෙලාවෙද මොන Address එකේ ඉදල මොන Address එකටද ඔය වගේ තොරතුරු රාශියක් මේ ජාලය තුල සටහන් වනවා. ඉතින් හිතන්න එක තත්පරයක් තුල කොතරම් ගණුදෙනු ප්‍රමාණයක් සිදු වනවා නම් ඇත්ද. ඉතින් ඔයාල දන්නවා මේක හරියට Computer එකක් ඇතුලෙ තියෙන CPU එකක් වගේම තමා. ඔය i3, i5, i7 කියල හදුන්වන්නෙ ඒ CPU එක. ඉතින් Blockchain එකේ ගනුදෙණු සටහන් කරන්න ගනන් අඩු වැඩි කරන්න බලය ලබා දෙන්නෙ මේ CPU.

සරලව කිව්වොත් Mining කරනවා කියන්නෙ Blockchain එක ඇතුලෙ සිදු වන ගණිතමය දේවල්, එහෙමත් නැත්නම් ගණිත ගැටලු විසදන්න බලය ලබා දීම සදහා අපේ CPU එකතු කලාම ඒ වෙනුවට Bitcoin Blockchain එකෙන් අපට Bitcoin ලබා දීම තමා Bitcoin Mining හරහා සිදු වන්නේ.

ඔන්න Bitcoin Mining කියන දේ තවත් සරල කරල දුන්න ඔයාලට. ඉතින් ඒ වගේම තමා. ඔයාල දන්නවා CPU එකේ බලය අඩු වෙන්න වෙන්න Computer එකේ Speed එක අඩු වෙනවා වගේම Bitcoin Blockchain එකේ කටයුතු සදහා අවශ්‍ය වන ප්‍රමාණයට බලය තිබිය යුතුයි. සරලව කිව්වොත්. ප්‍රමාණවත් තරම් Bitcoin Miners ල සිටිය යුතුයි. නැත්නම් මේ Bitcoin Blockchain බිද වැටෙනවා. ඒ වෙලාවට Bitcoin ගණුදෙනු වල වේගය අඩු වෙනවා.

ඉතින් මුල් කාලයේ අපේ Computer එක Bitcoin Mining කරන්න සම්බන්ධ කරල මේ වැඩේ කරන්න පුලුවන් වුනාට දැන් එහෙම කරන්න තියා හිතන්නවත් බෑ. ඒ වගේම පසුකාලීනව Computer එකේ CPU එකට වඩා වැඩි වේගයකින් සහ බලයකින් Bitcoin Mining කරන්න හැකියාව ඇති Graphic Card(GPU) වෙලදපළට පැමිනීමෙන් පසු Bitcoin Mining සදහා CPU වෙනුවට GPU භාවිතයට Bitcoin Miners ල යොමු වූවා.

මේ වන විට Bitcoin Mining කරන්න විශාල පිරිවැයක් යෙදවීමට සිදු වුවත් මේ වන විට Cryptocurrency Market එකේ ඇති වෙනත් Cryptocurrency Mining කර ලාභ ලැබීමේ හැකියාවක් තවම තියෙනවා. ඉතින් වෙනත් ලිපියකින් අපි ඒ ගැන ඔබට පැහැදිලි පිරීමට ද බලාපොරොත්තු වනවා.

අපි කලින් කතා Bitcoin Mining කරන්න ඉතා ඉහල බලයක් අවශ්‍යය බව. ඒ වගේම මේ බලය අවශ්‍යය වන්නේ Bitcoin Blockchain පවත්වාගෙන යාමට සහ එහි සිදුවන ගණනය කිරීම් සදහා බවත්. මේ සදහා අවශ්‍යය වන බලය හදුන්වන්නේ “Hash Rate” එක ලෙසිනි. අපි තවදුරටත් මේක පැහැදිලි කරගත්තොත් Bitcoin Blockchain එකට Miners විසින් ලබාදෙනුයේ Hash Rate එක වන අතර Bitcoin Miners ල වැඩි වන විට Bitcoin Blockchain එකේ Hash Rate එක වැඩි වන අතර එමගින් Bitcoin Blockchain බලය වැඩි වී Bitcoin Blockchain එකේ වේගය, ආරක්ෂාව, ශක්තිමත් බව වැඩි වේ. පහත රූපය බලන්න Bitcoin හි ආරම්භයේ සිට Bitcoinවල Hash Rate එක වැඩි වූ ආකාරය. ඉතින් බිට්කොයින් වල මිළ සිතා ගැනීමට අපහසු ලෙස ආනාගතේ දිනෙක වැඩි වේ යැයි සිතීමට එක හේතුවක් තමා දිනෙන් දින මේ Hash Rate එක වේගයෙන් වැඩි වීම.

ඒ විදිහට ගත් විට මේ Hash Rate එක කියන්නේ Bitcoin ජාලයේ එහෙමත් නැත්නම් Blockchain එකේ Processing Power එක වන අතර. මෙය මණිනු ලබන්නේ එක තත්පරයකට සිදු කල හැකි මුලු ගණනය කිරීම් ප්‍රමාණය යි. උදාහරනයක් විදිහට Hash Rate එක 10 Th/s වුවහොත් එයින් අදහස් කරන්නේ එක තත්පරයකට ගණනය කිරීම් ට්‍රිලියනයක් සිදු කල හකි බව වේ.(10 trillion calculations per second)

අප ඔබට ඉතා සරල ලෙසම මේ සියලු දේ ඔබට පැහැදිලි කිරීමට උත්සාහ කරන අතර. කිසියම් දෙයක් තේරෙන්නේ නැත්නම් Youtube එකෙන් වගේම Facebook එකට Comment, Message කරන්න.