අපි මුල් පිටුවෙන් කතා කලා බිට්කොයින් වල මූලික පසුබිම සහ ක්‍රියාකරීත්වය සම්බන්ධව සුළු වශයෙන්. ඉතින් අපි මේ ලිපියෙන් බිට්කෙයින් කියන්නෙ මොන වගේ දෙයක්ද කියන එක ඔයාලට හොදින් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.

අප මේ වන විට භාවිතා කරන සම්ප්‍රදායික මුදල් වෙනුවට ඩිජිටල් මුදල් ඒකකයක් එහෙමත් නැත්නම් Cryptocurrency පිලිබදව අදහස පහල වූයේ ලෝකයේ ඩිජිටල් යුගය ආරම්භ වනවාත් සමගමයි. ඉතින් 1980 න් පමන පසු මේ පිලිබදව සොයා බැලීම් කරන්න ආරම්භ වූවා. කොහොම හරි 1990 දී ඇමෙරිකානු ජාතික David Chaum නැමති පුද්ගලයා විසින් ඉතා ගවේශණ කිහිපයක්ම සිදුකලා. නමුත් ඒ අවදියේ අන්තර්ජාලයේ වගේම උපකරණ වල වශාල දියුනුවක් නොතිබුන නිසා මෙය යථාර්ථයක් බවට පත් වූයේ නැත.

කෙමෙන් කෙමෙන් ලෝකයේ සිදු වූ අති වශාල තාක්ෂණික දියුණුවත් සමග 2009 වර්ශයේ ලෝකයේ සාර්ථකම පලමු Cryptocurrency එක ලෙස බිට්කොයින්(Bitcoin) බිහි වනවා. ඒ  සතෝෂි නකමොටෝ (Satoshi Nakamoto) නැමති පුද්ගලයාගේ සංකල්පය මතයි. ඉතින් මෙතනදි මේ Satoshi Nakamoto කියන්නෙ පුද්ගලයෙක්ද, කණ්ඩායමක්ද නැත්නම් යම්කිසි සංවිධානයක්ද කියන එක අදටත් කව්රුත් දන්නෙ නෑ.

බිට්කොයින් ගැන කතා කරද්දි ඒ වගේම අපි බිට්කොයින් එක්ක වැඩ කරදිදි අපි දැනගෙන සිටිය යුතු කරුණු කිහිපයක් ගැන අපි දැන් කතා කරමු.

බිට්කොයින් හි සළකුණ සහ කෙටි නාමය – Symbol of Bitcoin

ලොකයේ සෑම මුදල් ඒකකයකට වගේම බිට්කොයින් වලටත් සලකුණක් වගේම කෙටි නාමයක් තියෙනවා. උදාහරණයක් විදිහට ඇමෙරිකන් ඩොලරය සදහා සලකුණ ලෙස $ යොදාගන්නා අතර කෙටි නාමය USD ලෙස යොදා ගනී. මෙලෙසම බිට්කොයින් සදහා

  • සලකුණ – ₿
  • කෙටි නාමය – BTC

ලෙස යොදා ගන්නවා. ඒ වගේම බිට්කොයින් එක ඩිජිටල් මුදල් එකකයක් වුනාට එහෙමත් නැත්නම් Cryptocurrency එකක් වූවත් බිට්කොයින්ද උප ඒකක වලට බෙදනවා. හරියට ඩොලර් එකත් ශත වලට බෙදෙනව වගේමයි. ඉතින් බිට්කොයින් එකත් කුඩා කොටස් කෝටියකට බෙදෙනවා. ඒ බෙදෙන කුඩාම කෙටස හදුන්වන්නෙ Satoshi එකක් ලෙසයි. එය අපට මෙසේ දක්වන්න පුලුවන්.

  • 1 BTC = 10000000 Satoshi
  • 0.00000001 BTC = 1 Satoshi

ඒ වගේම තමා සතෝෂි නකමොටෝ බිට්කොයින් පිළිබද අදහස දෙනකොට ඒ ලිපිගොණුවෙ බිට්කොයින් පිලිබද හැමදෙයක්ම ඒ කියන්නෙ බිට්කොයින් ක්‍රියා කරන ආකාරය අනාගතයෙදි මොනවද සිදු වන වෙනස් කම් වගේ හැම දෙයක්ම එ ලිපිගොණුවෙ තියෙනවා. මේ ලිපි ගොණුව හදුන්වන්නෙ Bitcoin Whitepaper එක කියල. මෙතනින් ඔයාලට බිට්කොයින් වල Whitepaper එක බලන්න පුලුවන්. කොහොම හරි බිට්කොයින් වලින් පසුව තවත් Cryptocurrency විශාල ප්‍රමාණයක් නිර්මාණය වූවා. අලුතින් නිර්මාණය වූ සහ නිර්මාණය වන සියලුම Cryptocurrency වලට Whitepaper එකක් තියෙනවා. ඔබ Cryptocurrency එකක ආයෝජනයක් සිදුකරනවා නම් Whitepaper පිළිබදව හොදින් අධ්‍යනය කිරීම ඉතා වැදගක්. මෙය අලුත්ම Cryptocurrency එකක ආයෝජනයේදී ඉතාම වැදගත් වේ.

බිට්කොයින් වල ක්‍රියාකාරිත්වය

ඹයාල හැමෝම දැන් දන්වා බිට්කොයින් ඩිජිටල් මුදල් ඒකකයක් කියල. ඉතින් සෑම මුදල් ඒකකයක්ම පාලනය කරන්න ඒ වගේම පවත්වාගෙන යන්න රටක නම් රජයන් සහ බැංකු සෘජුවම ඒ සදහා සම්බන්ධ වනවා. ඒ හරහා ඔවුනට මුදල් අච්චු ගහන්න(Print) හැකියාව පවතිනවා. ඉතින් අපි සාමාන්‍ය මුදල් භාවිතයේදී ඒ සදහා රජය සහ බැංකු සෘජුව සම්බන්ධ වෙලා ඉන්නවා. හිතන්න විදේශයක සිටින කෙනෙක්ට අප මුදල් යවද්දි අතරමැදියෙක් ලෙස බැංකුව කටයුතු කරනවා.

නමුත් බිට්කොයින් සම්බන්ධව මෙය හාත්පසින් වෙනස් වනවා. බිට්කොයින් වැඩ කරන්නෙ බ්ලොක්චේන් කියන තාක්ෂනය හරහායි. ඉතින් බිට්කොයින් ජාලය එහෙමත් නැත්නම් බිට්කොයින් බ්ලොක්චේන් එක පවත්වාගෙන යන්නෙ බිට්කොයින් භාවිතා කරන අය විසින්මයි. බිට්කොයින් තවත් කෙනෙක්ට යවද්දි අතරමැදියෙක් ලෙස තවත් පාර්ශවයක් අවශ්‍ය වන්නේ නෑ. බ්ලොක්චේන් තාක්ෂනය නිසා ගනුදෙනුව සිදුකරන දෙදෙනාට හැර වෙන කිසිම කෙනෙකුට මේ ගනුදෙනුව ගැන දැන ගත හැකි වන්නේ නෑ. සරලව කිව්වොත් බිට්කොයින් හරහා අපගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන අපට ගණුදෙනු කිරීමේ හැකියාව ලැබෙනවා.

Bitcion Minners සහ Bitcoin Mining ගැන කෙටියෙන්

අපි ඒක මේ විදිහට මේ පැහැදිලි කර ගමු අපට අර කලින් කිව්ව විදිහට අතරමැදියෙක් ඇතිව සිදුකරන ගනුදෙනුවක් සහිත ජාලයක්(Network) අපට Centralize Network එකක් විදහට හදුන්වන්න පුලුවන්. ඒ වගේම අතරමැදියෙක් නැතිව කරන දෙදෙනෙක්ට කෙලින්ම එහෙමත් නැත්නම් කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට(Person to Person) සෘජුව ගනුදෙනුවක් සිදුකරගත හැකි ජාලයක් Peer to Peer Network එකක් ලෙස හදුන්වන්න පුල්වන්. ඉතින් බිට්කොයින් ජාලය එහෙමත් නැත්මම් බ්ලොක්චේන් එක පාලනය කරන්න අතරමැදියෙක්(Central Authority) නෑ. නමුත් බිට්කොයින් බ්ලොක්චේන් එක පවත්වාගෙන යාමට දායක වෙන පිරිසක් ඉන්නවා. අන්න එයාලට තමා Bitcon Minners ල කියන්නෙ.

ඉතින් අපි පොඩ්ඩක් Bitcoin Mining පිළිබද පොඩ්ඩක් කතා කරමු. Bitcoin Blockchain එක පවත්වගෙන යන්න එකිනෙකට සම්බන්ධ වූ Computers අති විශාල ප්‍රමාණයක් අවශ්‍ය වනවා. ඉතින් එසේ සම්බන්ධ වෙලා තියෙන Computers වලට Bitcoin Blockchain එක විසින් බිට්කොයින් සුලු ප්‍රමානයක ප්‍රදානයක්(Reward) ලබා දෙනවා. මෙන්න මේ නිසා තමා Bitcoin Mining කරල සල්ලි හොයන්න පුලුවන් කියල කියන්නෙ. අපට පැහැදිලි කරන්න අවශ්‍ය වුනේ Bitcon Minners ල තාමා බිට්කොයින් බිට්කොයින් ගණුදෙනු(Transactions) එහෙමත් නැත්නම් ගනුදෙනු කරන අයව එකිනෙකට සම්බන්ධ කරල ගණුදෙනු පවත්වාගෙන යන්නෙ කියල. ඉතින් Bitcon Minners ල විශාල ප්‍රමාණයක් Bitcoin Blockchain එකට සම්බන්ධ වෙලා ඉන්නවා.

බිට්කොයින් ගනුදෙනුවක් සිදුවන ආකාරය සරලව

හිතන්න ඔයාගෙ Bitcoin Wallet එකෙන් ඔයා බිට්කොයින් එකක් තවත් කෙනෙක්ට යව්වා කියල ඉතින් ඔයා සම්බන්ධ වෙලා ඉන්න Minner බලනවා ඔයාගෙ Wallet එකේ යවන්න තරම් ප්‍රමාණවත් Bitcoin ප්‍රමාණයක් සියෙනවද කියල. ඉතින් ප්‍රමාණවත් තරම් තියෙනව නම් අනෙක් කෙනාට ආදල බිට්කොයින් ප්‍රමාණය යවනවා. යවල මේ Bitcoin Blockchain එකේ ඉන්න සෑම Minner කෙනෙකටම පනිවිඩයක් යවනවා මේ වගේ ගණුදෙනුවක් සිදු කලා කියල. ඉතින් ඒ නිසා තමා කවදාවත් Bitcoin Blockchain එකට බොරුවක් කරන්න බැරි. ඒ කියන්නෙ Hack කරන්න බෑ. Hack කරනවා නම් අර කලින් කිව්ව Miners ල සියල්ලම ඒ කියන්නෙ Computers කෝටි ගණනක් හැක් කරන්න වෙනවා. ඒ නිසා තමා Bitcoin Blockchain එක කවදාවත් Hack කරන්න බැරි ඒ කියන්නෙ අපිට ඕන විදිහට Blockchain එකේ දත්ත වෙනස් කරන්න බැරි. අපි Bitcoin Mining ගැන ඉදිරි ලිපියක කතා කරන නිසා දැනට මේ ගැන වැඩි දුරට මෙතන කතා කරන්න යන්නෙ නෑ.

බැංකුවක් හරහා ගණුදෙනුවක් සිදුකරන විට බැංකුවට අවශ්‍ය නම් ගණුදෙනුව වලක්වාලීමේ හැකියාව සහ බලය තිබෙනවා. ඒ නිසා බැංකු හරහා සිදුවන ගණුදෙනු Centralize Network එකකට උදාහරණයක් ලෙස දැක්විය හැකියි. බිට්කොයින් ජාලය තුල ඉන්න Bitcon Minners ල බිට්කොයින් ගණුදෙනු පවත්වාගෙන යෑමට දායක වුවත් එය පාලනය කිරීමේ හැකියාවක් නෑ. එය Decentralize Network එකක් ලෙස හදුනාගන්න පුලුවන්ව වගේම Bitcoin Blockchain හරහා සියුළුම දෙනාව එකිනෙකට සම්බන්ධ කරන නිසා බිට්කොයින් ජාලය එහෙමත් නැත්නම් Bitcoin Blockchain එක Decentralize Network එකක වගේම Distributed Network එකක එකතුවක් ලෙස හදුනා ගත හැකියි.

ඔබට දැන් බිට්කොයින් ගැන වගේම Blockchain Technology එක ගැන යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියල හිතෙනවා. අපි මේ පිළිබදව සරලව කතා කලත් බිට්කොයින් වගේහ Blockchanin තාක්ෂණය කියන්නෙ ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. Cryptocurrency කියන්නෙ මේ Blockchain තාක්ෂණය තුලින් ලබා ගත හැකි එක් ප්‍රයෝජනයක් පමණයි. අනාගතයේ දවසක Blockchanin Technology එක තාක්ෂණික ලෝකයේ ලොකු පෙරළියක් කිරීමට නියමිතයි. ඉතින් බිට්කොයින් හි ආයොජනය සදහා ආරම්භය සදහා අප ඉහත කතා කල දෙවල් ප්‍රමාණවත් වුවත් Blockchanin Technology එක සහ Bitcoin හි තාක්ෂණික පැත්ත තව දුරටත් ඉගනීමට කැමති අය අපේ වෙබ් අඩවියේ Blog එක බලන්න. අපි මේ පිළිබද වැඩිදුරටත් කතා කල ලිපි සහ ලෝකය තුල Blockchanin Technology තාක්ෂණය පිලිබද සිදුවන අලුත්ම දේවල් ගැන ඔයාලට ඒ හරහා දැන ගන්න පුලුවන්.

බිට්කොයින් ගැන ඉගෙන ගන්න ලිපි මාලාවේ මීළග ලිපියෙන් අපි කතා කරනවා බිට්කොයින් Wallet එකක් කියන්නෙ මොකක්ද අපිට එය ප්‍රයෝජනවත් වෙන්නෙ කොහොමද කියන කියන එක ගැන. ඉතින් පහල තියෙන් Button එක Click කරල මීළග ලිපිය බලමු.

මීළග ලිපිය:
මොකක්ද මේ Bitcoin Wallet එකක් කියන්නෙ?