පසුගිය සියලු ලිපිවලින් අපි අද මේ කතා කරන්න යන මාතෘකාවට අවශ්‍ය කරන වටපිටාව එහෙමත් නැත්නම් Bitcoin Trading කිරීම සදහා අවශ්‍ය කරන මූලික දැණුම ලබා ගත්තා. ඒ වගේම Bitcoin අපි Binance එකෙන් මිල දී ගනු ලැබුවා, Wallet සකසා ගැනීම සිදු කලා. ඉතින් අපි හිතනවා පසුගිය ලිපියෙ අපි ඉගෙන ගත්ත විදිහට ඔයාල බට්කොයින් මිළදී ගන්න ඇති කියල. ඔයාල ඒ විදිහට Bitcoin ගත්තා නම් පහල රූපයේ විදිහට ඔයාලගෙ Binance Account එකේ ඉහල Wallet යටතේ ඇති P2P තෝරන්න.

මෙහිදී දකුණු පැත්තේ උඩ කෙලවර අප මිලදී ගත් USDT ප්‍රමාණය දැක ගන්න පුලුවන්. කලින් ලිපියේ අවසාන කොටසේ ඔයාලට කිව්ව විදිහටම අපි ප්‍රධාන වශයෙන්ම අද කතා කරන්නෙ බිට්කොයින් වලින් ලාභ ලබා ගන්නා ආකාරයයි. මෙතනදි අපිට ප්‍රධාන වශයෙන් ලාභ ලබා ගැනීම සිදු කල හැකි ආකාර තුනක් තියෙනවා.

  1. අප මිලට ගත් Bitcoin Exchange එකකට යවා කෙටි කාලයක් තුල විකිණීම් සහ මිලදී ගැනීම සිදු කර ලාභ ලබා ගැනීම.(Day Trading)
  2. මිලට ගත් Bitcoin Exchange ආරක්ෂිත Wallet එකකට යවා අවුරුදු ගනනාවක් තබාගෙන එකවර විශාල ලාභයක් උපයා ගැනීම.
  3. Bitcoin Cryptocurrency Exchange එකකට යවා අනෙක් Cryptocurrency වල මිලදී ගැනීම සහ ඒවායේ මිල වෙනස් වීම හරහා විශාල ලාභයක් උපයා ගැනීම.

අපි මේ අවස්ථා තුන ගැන විස්තරාත්මකව එකින් එක කතා තරමු.

කෙටිකාලීන මිළදී ගැනීම සහ විකිණීම.

මෙම කොටසේ අපි කතා කරනවා අපි මිලට ගත්ත USDT වලින් Bitcoin සහ අනෙක් Coin මිළට ගන්නා ආකාරය ගැන. ඒ වගේම කෙටිකාලීනව ලාභ ලබා ගනිමින් විකිනීම් සහ මිලදීගැනීම් සිදු කරන ආකාරය ගැන. දැනට ඇති ගොඩක් Cryptocurrency Exchange අතින් Trader කෙනෙක්ට පහසුකම් ගොඩක් ලබා දීල තියෙන්නෙ Binance Exchange එක කිව්වොත් නිවැරදියි. මොකද Trader පහසු User Interface එක වගේම පහසුකම් රැසක් ඇති App එක මේකට හේතු වෙනවා. Binance App එක පාවිච්චි කරල අපේ Smart Phone එකෙන් Trade කරන්න පුලුවන්. අනෙක් වැදගත්ම දේ තමා අපගේ Bitcoin සහ Cryptocurrency වලට ආරක්ෂාව ලබා දීම සදහා ඔවුන්ගේ පැත්තෙන් වගේම අපටද පහසුකම් ලබා දීල තියෙනවා. ඒ වගේම දැනට ඇති ප්‍රධාන පෙලේ Cryptocurrency බොහොමයක් සදහා Binance Exchange එක සහයෝගය දක්වනවා. ඔයාල කලින් ලිපියේ ආකායට Binance එකේ Account එකක් හැදුවෙ නැත්නම් මේ ලිපියෙන් මුල් කොටසෙදී අපි බලමු Binance එකෙ Account එකක් නිවැරදිව සාදා ගන්නා ආකාරය ගැන. පහලින් Create Binance Account යන්න ලබා දෙන්න.

ඉතින් ඔයාලට මීලගට පහල පින්තූරයේ පෙනෙන පරිදි Binance Website එක බලා ගන්න පුලුවන්. එතන Email කියල තියෙන තැනට ඔයාලගෙ Email එක ලබා දෙන්න. මීලගට Password එකටත් ශක්තිමත් Password එකක් ලබා දෙන්න. මෙතනදී ඔයාල හැම එකටම දෙන Password එක මෙතනටත් දෙන්න එපා. මොකද අපි මෙතන ගණුදෙණු කරන්නෙ සල්ලිත් එක්ක. ඒ නිසා මම කලින් ලිපියෙ කිව්ව විදිහට Email එකේ සහ හදන Account වල ආරක්ෂාව සලසා ගැනීමට කටයුතු කල යුතුයි. මීලගට Create Account ලබා දෙන්න.

මීලගට  Puzzle එකක් ලැබෙන අතර එය නිවරදිව සකසන්න. ඉන්පසු පහත රූපයේ ලෙස ඔබ ලබා දුන් Email එක තහවුරු කර ගැනීම සදහා එම Email එකට Verification Code එකක් යවා ඇති බවත් එම Verification Code එක ලබා දෙන ලෙසයි. ඔබගේ Email එකට ඇතුල් වී එම Code එක ලබා දෙන්න.

එලෙස Code එක ලබා දීමෙන් පසු පහත පරිදි welcome message එකක් සහ Founds Deposit කරන්න Option කිහිපයක් ලැබෙනවා. දැනට අපි ඒ ටික Skip කරල Account එක ඇතුලට ගිහිල්ල බලමු මොනවද තියෙන්නෙ කියල. පහල රූපයේ ඊතලයෙන් ලකුණු කරල තියෙන තැන Go to Dashboard ලබා දෙන්න.

ඉතින් මීලගට පහත රූපයේ පරිදී ඔබගේ Phone Number එක Verify කරන්න Option එකක් ලබා දෙනවා. මෙතනදි බලාපොරොත්තු වන්නේ ඔබ Binance එකට Log වෙන අවස්ථාවන් වල ඔබගේ Phone එකට Code එකක් Binance එකෙන් එවා එය ඇතුලත් කිරීමෙන් පසු Binance ගිණුමට ඇතුල් වීමට අවස්ථාව ලබා දීමයි. මෙය ඔබගේ ගිණුමේ ආරක්ෂාවට අනිවාර්යයි.

තවත් Option එකක් විදිහට Google Verification පාවිච්චි කරන්නත් පුලුවන්. එහිදී ඔබගේ Phone එකට Google Authenticator App එක Download කරගෙන මෙහි අති Google Verification Click කරපුවම ලැබෙන QR Code එක Google Authenticator App එකෙන් Scan කර ගන්න. ඒ වගේම එහිදී ලැබෙන QR Code එක සහ Backup Code එක Backup කර ගන්න.

ඔබට Google Verification සහ Phone Verification යන දෙකම Active කර ගත හැකි අතර අප මෙහිදී කතා කරන්නේ Phone Verification එක Active කර ගන්නා ආකාරය වේ. හරි එහෙනම් ඊතලයෙන් දක්වල තියෙන Phone Verification Click කරන්න. මීලගට පහත රූපයේ පරිදි ඊතලයෙන් දක්වල ඇති ස්ථානයට Phone Number එක ලබා දී SMS Verification Code එකට සහ E-mail Verification Code යන දෙකටම Send ලබා දෙන්න.

මීලගට ඔබගේ Phone එකට ලැබෙන Code එක සහ Email එකට ලැබෙන Code එක අදාල ස්ථාන වලට ලබා දෙන්න. දැන් අපගේ Binance Account එකේ වැඩ ටික ටිකක් ඉවරයි. දැන් අපට Deposit කරන්න සහ Trade කරන්න පුලුවන්. දැන් ඔබට පහත පරිදි ඔබගේ Binance Account එක පහත පරිදි දැක ගන්න පුලුවන්.

ඉහල පින්තූරයේ ඇති ආකාරයට පලමු ඊතලයෙන් Verify ලෙස දක්වයි. Binance Account එක Verify කිරීම අනිවාර්ය නෑ Verify කරන්නෙ නැතිව Trade කරන්න Deposit කරන්න Withdraw කරන්න හැමදෙයක්ම කරන්න පුලුවන්. Withdraw කරද්දි Binance Account එක Verify නැත්නම් දවසකට Withdraw කරන්න පුලුවන් බිට්කොයින් 2 ක් පමනයි. ආසන්න වශයෙන් $20000 ක් වගේ. ඉතින් Verify කරන්නෙ නෑ කියල ගැටලුවක් නෑ. හැබයි අපි අපේ ආරක්ෂාව සදහා Verify කරගන්න එක වඩාත් හොදයි. Password අමතක වෙලා කවද හරි දවසක Binance එකට Log වෙද්දි Phone එකට Code එක ගන්න ප්‍රශ්ණයක් වුනොත් එහෙම මේක ඔයාගෙම Account එක කියල ඔප්පු කරන්න පුලුවන් වෙන්නෙ Verify කරගෙන තිබ්බොත් විතරයි. ඒ නීසා පලමු ඊතලයෙන් දක්වල තියෙන තැනට ගිහින් ඇත්ත තොරතුරු ලබා දීල අපි කලින් Paxful එක හදද්දි Verify කර ගත්තු විදිහට Verify කර ගන්න. මොකක් හරි ගැටලුවක් වුනොත් අපට Message එකක් දාන්න අපි උදව් කරන්නම්.

හරි මීලගට ඊතල දෙකකින්ම සදහන් කරල තියෙනවා Deposit කියල. ඒ දෙකෙන්ම වෙන්නෙ එකම දේ ඒ කියන්නෙ අපි Paxful එකෙන් මිලට ගත්තු Bitcoin ටික Binance එකට එවන්නෙ Deposit කියල තියෙන Option එක හරහා. මේකත් කියන්න ඕන. Binance එකේ ගොඩක් රටවල් වලට Binance එකෙන්ම Bitcoin මිලට ගන්න පුලුවන්. නමුත් ශ්‍රී ලංකා වාසී අපට තවම ඒ පහසුකම නෑ. නමුත් අනෙක් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට ඒ රටින් දීල තියෙන ID එක හරි Driving License එක පාවිචි කරල Binance එක Verify කර ගත්තම Binance එකෙන්ම Bitcoin මිලට ගන්න පුලුවන්.

තවත් ඊතලයකින් Withdrow ලෙස සදහන් කරල තියෙන්නෙ අපි Trade කරල උපයන් මුදල් ඒ කියන්නෙ Binance එකේ තියෙන මුදල් වෙනත් කැනකට යවන්න නැත්නම් වෙන Wallet එකකට යවන්න තියෙන Option එක. අපි මේ ටික කරන ආකාරය වෙන වෙනම කතා තරමු.

මුලින්ම අපි බලමු Paxful එකේ Bitcoin ටික Binance එකට එවන්නෙ කොහොමද කියල. මුලින්ම පහත පින්තූරයේ Deposit ලෙස දක්වල තියෙන ස්ථානය Click කරන්න.

මීලගට ඔබට පහත පරිදි දැකගන්න පුලුවන්. අපි ඔබට Bitcoin සුලු ප්‍රමාණයක් Deposit කරල පෙන්වන්නයි යන්නෙ කොහොමද Bitcoin Binance එකට Deposit කරන ආකාරය. මෙහි පළමු ඊතලයෙන් පෙන්වන්නේ ඔබ Binance එකට එවන Coin එක තෝරන තැන වේ. ඒ කියන්නෙ කුමන Cryptocurrency එකක්, එහෙමත් නැත්නම් ඔබ Binance එකට එවන්න යන්නේ මොන Coin එකක්ද කියන එක. අපි දැන් Paxful එකේ ඉදල එවන්න යන්නෙ Bitcoin එතින් මෙතන තෝරන්න ඕන Bitcoin. ඒ වගේම මෙකත් හොදට මතක තියා ගන්න. ඒ තමා මෙතනට වැරදිලා වෙනත් Coin එකක් Select කරල අපි Bitcoin එව්වොත් ඔයාලගෙ බිට්කොයින් ටික ඔයාලට නැති වෙනවා. ඒ වගේම තමා Bitcoin Select කරල වෙනත් Coin එකක් එව්වොත් ඒ එවන Coin එකත් නැති වෙනවා. ඒ නිසා ඒක හොදට මතක තියා ගන්න.

හරි ඒ විදිහට Bitcoin Select කරල අනෙක් පහල ඊතලයෙන් සලකුණු කරල තියෙන තැන Click කරන්න එතකොට ඊට වම් පැත්තෙන් තියෙන දිග Bitcoin Address එක Copy වෙනවා. එහෙම නත්නම් අපි සාමාන්‍ය Text එකක් Copy කරගන්න විදිහට Address එක Copy කරගන්නත් පුලුවන්.

දැන් අපි ආයෙත් Paxful Account එකට යමු. මෙම ලිපියේ මුලින්ම දක්වා ඇති පින්තූරයේ එක ඊතලයකින් දක්වා ඇති Wallet ලෙසින් ඇති Menu එක Click කරන්න. මීලගට ඔයාලට පහත රූපයේ පරිදි දැක ගන්න පුලුවන්.

එහි Send Click කරන්න. ඉන්පසු පහත පරදි ඔබට දැකගන්න පුලුවන් වේවි.

මෙතනින් තමා අපි Bitcoin වෙනත් Wallet එකකට යවන්නෙ. අපි දැන් අපේ Bitcoin ටික Binance එකට යවන්නයි යන්නෙ. මෙහි Available කියන්නෙ ඔබ දැනට මිලදී අරන් ඔයාලගෙ Paxfull Wallet එකේ ඇති Bitcoin ප්‍රමාණය වේ. එහි නිල් පැහැතිව ඇති Bitcoin ප්‍රමාණය Click කිරීමෙන් BTC Amount කියන ස්ථානයට ඔබගේ Wallet එකේ ඇති සම්පූර්ණ BTC ප්‍රමණය අතුලත් වේ. නැත්නම් ඔබට යැවිය යුතු ප්‍රමාණය පමනක් Type කිරීමේ හැකියාව පවතී. හරි මම සම්පූර්ණ Bitcoin ටික යවන්නයි යන්නෙ. මීලගට පහල දෙවන ඊතලයෙන් ඇති To bitcoin address කියල තියෙන තැනට Binance Account එකෙන් Copy කරගත්තු Bitcoin Address එක Paste කරන්න. ඉන්පසු Continue ලබා දෙන්න.

මීලගට ඉහත රූපයේ පරිදි Window එකක් ලබෙන අතර එයින් අපගේ Bitcoin Transaction එක සදහා අය කරන Bitcoin Network Fee එක පිලිබදව සදහන් කරන අතර පහලින් Paxfull Account එකේ Password එක ඉල්ලා සිටියි. මෙහිදී අප ලබා දී ඇති BTC Address එක නිවැරදි දැයි නැවත පරික්ෂා කර එහි Password එක සදහන් කර Send Bitcoin Now ලබා දෙන්න. මෙහිදී අප ලබා දුන් Bitcoin Address එකට Bitcoin යවා ඇති බව දක්වමින් පණිවිඩයක් ලැබේ. Bitcoin Paxful එකේ සිට Binance එකට යෑමට විනාඩි කිහිපයක සිට පැයක් දක්වා කාලයක් ගත වන අතර අප නිවැරදිව Bitcoin Address එක ලබා දුන්නා නම් අනිවාරයයෙන්ම Bitcoin ටික අපගේ Binance Account එකට පැමිනේ. අපි දැන් නැවත් වරක් Binance Account එකට යමු. ටික වේලාවකින් එහි අපි මුලින් Bitcoin Address එක Copy කරගත්තු Deposit Page එක Reload කරල බලන්න පහල Recent Deposit History යටතේ පහලින් ඔබ Paxful එකෙන් එව්ව Bitcoin ටික ඇවිත් ඇති බව පහත පරිදි බලාගන්න පුලුවන්.

හරි අපි දැන් එහෙනම් සාර්ථකව Bitcoin මිලදී අරගෙන Trade කිරීම සදහා Binance Account එකට එවල තියෙන්නෙ. ඉතින් දැන් තමා හොදම හරිය පටන් ගන්නෙ. ඔයාල දැන් පහත රූපයේ පරිදි Binance එකේ Menu එකේ තියෙන Trade යටතේ තියෙන Classic තෝරන්න.

දැන් යාලට බලාගන්න පුලුවන් Bitcoin වල මිල කාලයත් සමග වෙනස් වීම. ඔයාල කලින් Forex වල Binary වල Trade කරල නැත්නම් මේ Interface එක හුරු නැති ගතියක් දැනෙයි. ඒත් කලබල වෙන්න එපා අපි මේක මුල ඉදල පහැදිලි කර ගමු. තේරුම් ගත්තට පස්සෙ මේකෙ හරිම පහසුයි. ඉතින් Binance එකේ Trade කරන විදිහ ගැන එහෙමත් නැත්නම් Bitcoin විකුනන ආකාරය සහ මිලදී ගන්නා ආකාරය පැහැදිලි කර ගන්න පහල ඇති Video එක බලන්න.

හරි දැන් ඔයාල දන්නවා Binance එකේ Bitcoin එක්ක වැඩ කරන ආකාරය පිලිබදව. අපි දැන් මීලගට බලන්නෙ Bitcoin දීර්ඝ කාලයක් තියාගෙන ලාභ ලබන ආකාරය පිළිබදව.

බිට්කොයින් දීර්ඝ කාලයක් තබා ගැනීමෙන් ලාභ ලබා ගැනීම – Hodl Bitcoin

Cryptocurrency වල Trading කරන අය අතර මෙම ක්‍රමයද ජනප්‍රියයි. මෙය හදුන්වන්නෙ Hodl කියල. මෙහිදී වෙන්නෙ අපි Bitcoin හෝ වෙනත් Cryptocurency එකක් දිගු කලක් ලාභ ලබන තෙක් තබා ගෙන සිට විකුණා දැමීමයි. බහුතරයක් දෙනා කෙටි කාලීන Trade කරන අතරවාරයේ(Day Trading) Bitcoin කොටසක් Hodl කරයි. ඒ කියන්නෙ ක්‍රම දෙකම අවස්ථානුකූලව සිදු කිරීමයි. අනෙක් අතට අපට මෙය අනෙක් Cryptocurrency වලටද සිදු කල හැකියි. ඒ කියන්නෙ අනෙක් Cryptocurrency මිල අඩුවෙන් මිලදී ගෙන Hodl කරල මිල වැඩි වූ විට විකුණා දැමිය හැකියි. අනෙක් පැත්තෙන් මේ වන විට Bitcoin වල මිල වැඩි නිසා අනෙක් Cryptocurrency වලින් Bitcoin වලට වඩා වැඩියෙන් මුදල් උපයන්න පුලුවන්. Bitcoin හැර අනෙක් Cryptocurrency අපි Alt Coin ලෙස හදුන්වනවා. අපි මීලග ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නෙත් Alt Coin Trading ගැන නිසා අපි ඒ ලිපියෙන් ඒ ගැන දීරඝ වශයෙන් කතා කරමු.

කෙනෙක් කැමති නම් Day Trade කරනවා වෙනුවට Hodl කරන්න අපි Paxful එකෙන් ගත්ත Bitcoin Binance එකට එවන්න අවශ්‍ය නෑ. ඒ වෙනුවට අපට පුලුවන් Bitcoin ටික Wallet එකකට යවන්න. නමුත් Binance එකේ තිබ්බත් අවුලක් වෙන්නෙත් නෑ ආරක්ෂාව හොදයි. නමුත් ඒ වෙනුවට අපි කලින් ලිපියක සාදා ගත් Coinbase Wallet එකට Bitcoin ටික එවල තියාගන්නත් පුලුවන්. එහිදී අපි Paxful එකේ Bitcoin යවන්න අවශ්‍ය Address එකට Coinbase Wallet Address එක ලබා දිය යුතුයි. Coinbase එකේ Bitcoin Address එක ලබා ගන්නා ආකාරය අපි කලින් ලිපියක කතා කලා. එය ඔබට මෙතනින් බලන්න පුලුවන් අවශ්‍ය නම්.

ඒ වගේම තමා අපි ඒ ලිපියේම කතා කල Hardware Wallet එකත් Bitcoin දිගු කලක් තබා ගැනීමට ආරක්ෂාකාරී පියවරක්. Hardware Wallet එකෙන් වැඩ කර ගන්න ආකාරය පැහැදිලි කරල වෙනම Video එකක් මම Post කරන්නම්.

හරි මෙම ලිපියත් මෙතනින් අවසන් කරන්න තමා යන්නෙ. අපේ මෙම ලිපියෙන් සදහන් කල Bitcoin Cryptocurrency Exchange එකකට යවා අනෙක් Cryptocurrency වල මිලදී ගැනීම සහ ඒවායේ මිල වෙනස් වීම හරහා විශාල ලාභයක් උපයා ගැනීම ගැන මීලග ලිපියෙන් ඔයාලට පැහැදිලි කරන්නම්.

මීළග ලිපිය:
Altcoin Flipping – Cryptocurrency සල්ලි ගස සොලවමු