අපි මෙම ලිපියෙන් කතා කරන්නෙ Altcoin Flipping ගැන වන අතර ඔයාල කල්පනා කරනවා ඇති මොනවද මේ Altcoin කියල. සරලව කිව්වොත් Bitcoin හැර ඉතුරු සියලුම Cryptocurrency හදුන්වන්නෙ Altcoin කියල. ඒ වගේම Fliping කියන්නෙ එක එක Cryptocurrency මිලදී ගැනීම සහ විකුණමින් විවිධ Coin වලට මාරු වීමයි. ඒක තමයි සරලව Altcoin Flipping කියන්නෙ. ඉතින් Bitcoin හැර තවත් Cryptocurency දහස් ගනනක් මේ වන විට තියෙනවා. ලෝකයේ පළමු Cryptocurrency එක විදිහට Bitcoin අත්පත් කරගෙන ඇති තත්වය සහ ඉල්ලුම වෙනස් කිරීමේ හැකියාවක් අනෙක් Cryptocurrency වලට නෑ. නමුත් මේ වන විට Bitcoin වල ඇති අඩුපාඩු නැති කර Bitcoin වලට වඩා තාක්ෂණික පහසුතම් රැසක් සහිත Altcoin ගොඩක් Cryptocurency වෙළදපල තුල ඉතා අඩු මිලට මිළදී ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම මේවායේ මිළ ඉතා වේගයෙන් ඉහල පහල යනවා.

ඉතින් මේ වන විට Bitcoin වල මිළ ඉහල අගයක් ගන්නා නිසා Bitcoin වල Trade කර විශාල ලාභ ලැබීමට ලොකු මුදලක් ආයෝජනය කිරීමට සිදු වනවා. නමුත් Altcoin වල මිල අඩු බැවින් අපට අඩු මුදලක් ආයොජනය කිරීමෙන් විශාල ලභයක් ලබා ගත හැකියි. මොකද සමහර Altcoin වල මිල සිය දහස් ගුණයකින් වැඩි වන අවස්ථා Cryptocurrency වෙළදපල තුල බහුලව සිදු වනවා. ඉතින් ඒ සිසා තමයි මේ Altcoin Flipping එහෙමත් නැත්නම් Altcoin Trading වලට සල්ලි ගස සොලවනවා කියල මුලින් කිව්වෙ. ඒ වගේම තමා මේවායේ මිල වේගයෙන් අඩු වන අවස්ථාද තියෙනවා. මෙහිදී අපි ඉගෙන ගන්න ඕන දේ තමා අපි කොතනදිද මිලදී ගැනීම සිදු කරන්නෙ කියන එක සහ මොන අවස්ථාවේ ද විකිණිම සිදු කල යුත්තේ කියන එක.

හරි අපි බලමු මේක පිලිවලට කරන්නෙ කොහොමද කියල. අපිට Altcoin ගැන විස්තර දැන ගන්න පුලුවන් තැනත් කමා coinmarketcap.com කියන්නෙ. තව ඒ වගේ ගොඩක් Website තියෙනවා ටිකක් හොයල බලන්න. අපි අද කියල දෙන්නෙ මේකෙන් කෙහොමද විස්තර බලන්නෙ කියල. ඉස්සල්ලම යන්න coinmarketcap.com එකට ගියාම ඔයාලට පහත පරිදි බලා ගන්න පුලුවන්.

හරි අපි දැන් මේ හරහා Cryptocurrency Market එක පිලිබදව සහ Coin එකක විස්තර බලා ගන්නා අකාරය පිළිබදව පිළිවලින් බලමු. ඉහත රූපයයේ අංක පිලිවලින් පහලින් එකින් එක අප විස්තර කරනවා.

01. Cryptocurrencies

මෙහි පළමු අංකය යටතේ Cryptocurrencies ලෙස දක්වා ඇත්තේ coinmarketcap.com වෙබ් අඩවියට මේ වන විට ඇතුලත් කර ඇති මුලු Cryptocurrency ගණන වේ. මෙයට කාලයෙන් කාලයට විවිධ Cryptocurrency එකතු වන නිසා මෙය නිතරම වෙනස් වනවා.

02. Markets

දෙවන අංකයෙන් සදහන් කර ඇති Market ලෙසින් දක්වා ඇත්ත‍ේ මේ වන විට ඇති Cryptocurrency Exchange ගණන වන අතර අපි කලින් ලිපියේ කතා කල Binance Exchange එකත් මේ අතරට ඇතුලත් වේ. Binance Exchange එකට අමතරව තවත් Cryptocurrency Exchange ගණනාවක් මේ වන විට හදුනාගන්න පුලුවන් වන අතර ඒවායේ Binance Exchange එකේ මිළදී ගැනීමට හැකියාවක් නොමැති හොද Cryptocurrency ඇති අතර අපි වෙනත් ලිපි හරහා දැනට Cryptocurrency වෙළදපලේ ඇති ඉදිරියේදී මිළ වැඩි වීමට නියමිත Coin පිළිබදව කතා කිරීමට බලාපොරුත්තු වනවා.

03. Market Cap

මෙහි Market Cap ලෙස සරලව හදුන්වන්නේ මේ වන විට මුලු Cryptocurrency Market එකේ මුලු වටිනාකම වේ(Market Capitalization). Bitcoin වල මිළ වැඩි වන විට ඒ වග‍ේම අනෙක් Altcoin වල මිළ වැඩි වන විට Market Cap එකද වැඩි වේ. අඩු වන විට අඩු වේ. උදාහරණයක් විදිහට ඔයා ලග තියෙනව කියල හිතමු ඉඩම්, වාහන සහ රත්‍රන් වගේ වත්කම්. මෙම වත්කම් වලට වටිනාකමක් තියෙනවා. හිතන්න එක වරම මේවාය‍ේ වටිනාකම වේගයෙන් වැඩි වෙනවා කියල එතකොට මුලින් ඔයා ගාව තිබ්බ වත්කම් වල වටිනාකමද නිකම්ම වැඩි වෙලා. අපි හිතනවා ඔයාලට මේ කිව්ව දේ තේරුම් යන්න ඇති කියල.

04. 24h Vol

මෙහිදී 24h Vol යනුවෙන් අදහස් කරන්නේ පසුගිය පැය 24 තුල Cryptocurrency Market එක තුල සිදු වූ මිලදී ගැනීම් සහ විකිණීම් වල මුලු වටිනාකම වේ. මෙය බිට්කොයින් ඇතුලු සියලුම Cryptocurrency වල එකතුව වේ.

05. BTC Dominance

අංක 05 මගින් පනේවන්නේ BTC Dominance වන අතර එමගින් නිරූපනය වන්නේ. Market Cap එකේ මුලු වටිනාකමේ Bitcoin සහ Altcoin අතර ප්‍රතිශතයේ අනුපාතය වේ. මේක තවත් පැහැදිලි කරනවා නම් ඉහත රූපයේ BTC Dominance එක ලෙස සදහන් වන්නේ 57.9% ලෙසයි ඒ කියන්නේ Cryptocurrency Market එකේ මුලු වටිනාකමෙන් Bitcoin අත්පත් කරගෙන ඇති වටිනාකමෙහි ප්‍රතිශතය වන්නේ 57.9% කි. ඒ වගේම අනෙක් අතට Altcoin වල වටිනාකමෙහි ප්‍රතිශතය වන්නේ 42.1% වේ. BTC Dominance එක Bitcoin වල මිල වැඩි වන විට වැඩි වන අතර Altcoin වල මිල වැඩි වන විට අඩු වේ.

06. Search

මේක නම් ඔයාල හැමෝටම වගේ තේරෙනවා ඇති කියල මට හිතෙනවා. මෙතනදි අපිට පුලුවන් අපි කැමති Coin එකක නමක් Type කරල එම Coin එකේ විස්තර අපට මේ හරහා බලා ගන්න පුලුවන්. වෙන් වෙන් වශයෙන් Coin එකක විස්තර බලා ගන්නා අකාරය මෙම ලිපියේ පහලින් බලා අපි වෙනම සාකච්චා කරන නිසා එම කොටසේදී දීර්ග වශයෙන් කතා කරමු.

07. #

මෙම ස්ථානයට පහලින් 1, 2, 3, 4 …. ලෙසින් දිගටම Bitcoin වලින් පටන් ගෙන දිගටම අංක 100 දක්වා Altcoin ගණනාවක් coinmarketcap.com එකේ පළමු පිටුවේ අනුපිලිවලින් දක්වා තියෙනවා. මෙසේ අනුපිලිවලින් Cryptocurrency වලට අංක ලබා දීමට හේතුවක් තියෙනවා. ඒ තමා ඒ ඒ Cryptocurrency එකේ Market Cap එක එහෙමත් නැත්නම් අදාල Coin එකේ Market Capitalization එක වැඩි එකේ සිට අඩු එක දක්වා අනුපිලිවලින් සැකසීමයි.

අපි මේක මේ විදිහට පැහැදිලි කරගමු. අපි හිතමු යම්කිසි Coin එකක් 50 වන ස්ථානයේ පවතිනවා එහි මිළ $2 ක් ලෙසත් සදහන් වනවා. මුලු Market එකේ ඒ Coin 1,000,000 සංසරණය වෙනව කියල හිතමු. යම්කිසි හෙයකින් එහි ඉල්ලුම වැඩි වී එහි අගය $8 ක් බවට පත් වනවා. එහිදී එම Coin එකක අගය සමග ඒ Coin 1,000,000 එක්ක අදාල Coin එකේ Market Capitalization එක වැඩි වනවා. එහිදී මුලු Cryptocurrency එකේ එම Coin එක‍ේ ස්ථානය 50 සිට 25 දක්වා Rank එක වැඩි වනවා. ඒක උදාහරණයක් විතරයි ඒ සදහා අනෙක් Coin වල Market Capitalization එකත් බලපානවා.

සරලව කිව්වොත් මෙය එක් එක් Coin වල Market Capitalization එක මත එයට ලබා දෙන අගයයි. මෙය Coin වල මිල අඩු වැඩි වීම මත සෑම විටම වෙනස් වනවා.

08. Coin Name

මෙයට අදාලව පහලින් Coin වල නම සදහන් වන අතර එහි Coin එකේ සම්පූර්ණ නම සහ කෙටි නාමය සදහන් වේ. මෙහිදී සෑම Coin එකකටම දිග නාමයක් මෙන්ම ඉක්මනින් හදුනා ගැනීමට කෙටි නාමයක් ද ඇති අතර කෙටි නමාය එම Coin එකට ආවේනික වේ. උදාහරණයක් විදිහට බිට්කෙයින් වල දිග නාමය Bitcoin වන අතර කෙටි නාමය BTC වේ. මෙලෙසින් Cryptocurrency Market එකේ සෑම Coin එකකටම දිග නාමයක් සහ කෙටි නාමයක් සෑම වටම පවතිනවා.

09. Price

මේ හරහා දක්වා ඇත්තේ Cryptocurrency වල වර්ථාමාන මිල වන අතර මෙය Coin වල මිල වෙනස් වීමත් සමගම සෑම විටම වෙනස් වනවා.

10. 24h

මෙය ප්‍රතිශතයක් ලෙස සෑම විටම දක්වන අතර මෙයින් නිරූපනය වන්නේ පසුගිය පැය 24 තුල එම Coin එකේ මිළෙහි වෙනස් වීම ප්‍රතිශතය ලෙස යි.

11. 7d

මෙයද Coin එකේ මිල දින හතක් ඇතුලත වනෙස් වීම ප්‍රතිශතය ලෙස පෙන්නුම් කරයි.

12. Market Cap

අපි මේ වන විටත් දන්නවා මුලු Cryptocurrency Market එකේ මුලු වටිනාකම (Market Capitalization) ගැන. නමුත් මෙයට අදාලව පෙන්වා ඇත්තේ එක් එක් Coin එකට අදාල Market Cap එක වේ. අපි කලින් කතා කරපු විදිහට මෙම Market Cap එක අනුව Market Cap එක වැඩි Coin එකේ සිට Market Cap එක අඩු Coin එක දක්වා Rank එකක් ලබා දී ඊට අනුකූලව Cryptocurrency පෙලගස්වා ඇත.

13. Volume

මෙම කොටසේදී Volume එක යනුවෙන් අදහස් කරන්නේ පසුගිය පැය 24 තුල අදාල Coin එකේ සිදු වූ මිළදී ගැනීම් වල සහ විකිණීම් වල මුලු වටිනාකම වේ.

14. Circulating Supply

මෙය අතිශය වැදගත් කොටසක් වන අතර මෙයින් අදහස් කරන්නේ මේ වන විට එම Coin කොපමණ ප්‍රමාණයක් ලෝකය තුල සංසරණය වෙමින් තියනෙවද කියන එකයි. මෙය අතිශය වැදගත් කොටසක් යනුවෙන් අදහස් කලේ මෙම Circulating Supply එක අඩු වන තරමට එහෙමත් නැත්නම් සංසරණය වන Coin ප්‍රමාණය අඩු නම් මිල වැඩි වීමේ ප්‍රවණතාවයද ඉතාමත් වැඩියි. මොකද ඔයාල හැමෝටම තේරුම් ගන්න පුලුවන් ඉල්ලුම වැඩි වන විට වෙළදපලේ සැපයුම අඩු නම් අදාල භාන්ඩයේ මිල වේගයෙන් වැඩි වනවා. ඉතින් සෑම විටම අප මේ පිලිබදවද සැලකිලිමත් විය යුතු කරුනක්.

15. Last 7 Days

මෙම කොටස හරහා අපිට Chart එකක් ආකාරයනේ පසුගිය දින හතක් අතුලක අදාල Coin එක‍ේ මිල වෙනස් වීම පෙන්නුම් කරනු ලැබේ.

දැන් ඔබ coinmarketcap.com ඒකේ මුල් පිටුවේ සිට යම්කිසි Cryptocurrency එකක් පිලිබදව සරල අදහසක් ලබා ගන්නා ආකාරය පිලිබදව දැනුවත්. ඒ වගේම තමයි අපි මේ හරහා Cryptocurrency එකක් පිලිබදව තොරතුරු ලබා දෙන, මිල වෙනස් වීමට හේතු සාධක වන ගොඩක් කරුණු පිළිබද ඉතා හොද අදහසක් ලබා ගත්තා.

Coin එකක සම්පූර්ණ විස්තර දැනගනිමු

අපි මීලගට සලකා බලන්නේ වෙන් වෙන් වශයෙන් Cryptocurrency එකක් පිලිබදව ඉතා හොදින් අවබෝධ කර ගැනීම සදහා තොරතුරු ලබා ගන්නේ කොහොමද කියන එක ගැනයි. ඔයාලට පුලුවන් coinmarketcap.com එකේ කැමති Coin එකක් Select කරගෙන Click කරන්න ඉන්පසු ඔබට එම Coin එකේ සම්පූර්ණ විස්තර දක්වමින් Page එකක් ලැබේ. ඔබට පැහැදිලි කිරීම සදහා අපි Monero(XMR) කියන Coin එක තෝරා ගත්තා. බලන්න පහත පෙන්වල තියෙන Photo පින්තූරය ඉස්සල්ලම. ඔයාලත් coinmarketcap.com එකේ Coin Search කරන ස්ථානයේ Monero ලෙසින් හෝ එහි කෙටි නාමය වන XMR ලෙස Type කරල Monero Coin එකට අදාල විස්තර ලබා දෙන Page එක Open කර ගන්න.

ඉහත රූපය‍ේ පළමු අංකයෙන් සදහන් කර ඇත්තේ Monero(XMR) හි මේ මොහොතේදී අගය වන අතර $ සලකුනෙන් දක්වන්නේ එහි අගය ඇමරිකන් ඩොලර් වලිනි. ඒ වගේම ඊට පහලින් Monero(XMR) හි අගය බිට්කොයින් වලින් දක්වනු ලබයි. Cryptocurrency එකක ඩොලර් අගය සහ Bitcoin වලින් අයය වේ. සරලව කිව්වොත් ඒක මේ වගේ. මේ රූපයේ ආකාරයට දැනට Monero(XMR) Coin එකක අගය $108.84 වන අතර Bitcoin වලින් අගය 0.01013711 BTC වේ. ඒ කියන්නෙ මේ වෙලාවෙ බිට්කොයින් එකක මිල සලකා බැලූ විට $108.84 අගය සමාන වෙනවා 0.01013711 BTC ප්‍රමාණයකට අනෙක් අතට ගත්තොත් 0.01013711 BTC ප්‍රමාණයක අගය සමාන වෙනවා ඇමරිකන් ඩොලර් $108.84 ට. අපි හිතනවා මේක ඔයාලට හොදින් තේරුම් යන්න ඇති කියල. මොකද මේක අතිශයින් වැදගත් අපි Cryptocurrency වල Trade කරද්දි වගේම ගනුදෙනු කරද්දිත්.

අපේ YouTube Channel එකේ මේ Video එකනේ ඔයාලට පුලුවන් ඔයාලට තවදුරටත් තේරුම් ගන්න පුලුවන් ඇයි අපට Coin එකක Bitcoin අගය සහ ඩොලර් අගය මෙච්චරටම වැදගත් කියල.

අපි මීලගට බලමු ඊතලයෙන් දක්වා ඇති Rank 15 දක්වා ඇති ස්ථානය දෙස බලමු එහිදී Rank 15 ලෙස දක්වා ඇත්තේ මේ වන විට මුලු Cryptocurrency Market එකේ ඇති Coin වල Market Cap එක වැඩි Coin එකේ සිට අඩු අඩු Coin එක දක්වා පෙලගැස්සූ විට Monero(XMR) කොයින් එකට හිමි වන ස්ථානය 15 වන බව වේ. අනෙක් අතට ගත් විට අප මෙම Screenshot එක ලබා ගත් මොහොතේදී Market Cap එකෙහි විශාලත්වය අනුව Monero(XMR) කොයින් එකට හිමිකරගන්නේ 15 වන ස්ථානය බවයි.

ඊතලයට පහලින් ඔබට Website ලෙසින් දක්වා ඇත්තේ Coin එකේ නිල වෙබ් අඩවිය වන අතර ඒ හරහා ඔබට Coin එක පිලිබදව සෑම තොරතුරක්ම ලබා ගත හැකි වේ. ඉතින් ඔබ Coin එකක මුදල් ආයෝජනයට පෙර මේ හරහා තොරතුරු සෙවීම සිදු කල යුතු වෙනවා. ඒ වගේම ඊටත් පහලින් ඔබට අදාල Coin එකක නිල Social Media සහ Chat එකට සම්බන්ධ වීමේ හැකියාවද පවතිනවා. තවද මෙම කොටසේදී Coin එකක Source Code එක ඇතුලු තාක්ෂණික තොරතුරු ලබා ගත හැකියි. ඔබට Coin එකක තාක්ෂණය වගේම Blockchain Technology එක පිලිබදව දැඩි උනන්දුවක් තියෙනවා නම් මේ ගැන ඉගෙන ගත්තා කියල කිසිම පාඩුවක් නෑ. මොකද Blockchain Technology එක අනාගත ලෝකයේ ලොකු පියවරක් තැබීමට නියමිතයි.

හරි මීලගට අපි බලමු දෙවන, තුන්වන සහ හතරවන ලෙසින් දක්වා ඇති ස්ථාන දෙස. මෙහි දෙවන අංකයෙන් Market Cap එක දක්වයි. ඔයාල දැනටමත් දන්නවා මේ කියන්නේ මොකක්ද කියල. අපි මේ ගැන කලිනුත් කතා කලා. මෙහිදීද මේ පෙන්වා ඇත්තේ මේ Coin එකට අදාල Market Capitalization එක වේ. මීලගට තුන්වන අංකයෙන් දක්වා ඇත්තේ Volume (24h) ලෙසිනි. අපි මෙයද මීට පෙර කතා කලා Volume එක යනුවෙන් අදහස් කරන්නේ පසුගිය පැය 24 තුල අදාල Coin එකේ සිදු වූ මිළදී ගැනීම් වල සහ විකිණීම් වල මුලු වටිනාකම වේ. හතරවන අංකයෙන් ද දක්වා ඇත්තේ Circulating Supply වන අතර එහිදී මේ වන විට එම Coin කොපමණ ප්‍රමාණයක් ලෝකය තුල සංසරණය වෙමින් තිය‍ෙනෙවද කියන එක දක්වයි.

මෙහිදී අපට මග හැරුණු තවත් එක දෙයක් තියෙනවා ඒ තමා Total Supply එක සහ Max Supply එක. ඔයා coinmarketcap.com එකේ තවත් Coin බැලුව නම් අනිවාර්යෙන්ම Circulating Supply එකට අමතරව Total Supply එක සහ Max Supply එක හමුවන්නට ඇති.

Circulating Supply, Total Supply සහ Max Supply

ඔයාල දදැනටමත් දන්නවා Circulating Supply එක කියන්නෙ දැනට ලොකයේ සංසරණය වන Coin ප්‍රමාණය කියල. අපි බලමු Bitcoin වල මේක කොහොමද තියෙන්නෙ කියල.

ඔයාලට පේනවා මෙහි Circulating Supply එකට අමතරව Max Supply එකකුත් සදහන් වෙනවා. මෙහිදී කලින් කිව්වා වගේම Circulating Supply එක කියන්නෙ සුපුරුදු පරිදි මේ වන විට ලොකයේ සංසරණය වන Coin ප්‍රමාණයයි. නමුත් Max Supply එක ගැන පැහැදිලි කරද්දි Bitcoin Mining මෙතනට සම්බන්ධ වෙනවා. ඒ වගේම ඔයාල මීලග ලිපියෙන් ඉගනෙ ගන්න ඉන්න‍ෙත් Bitcoin Mining කියන්නෙ මොකක්ද කියන එක ගැනයි. අපි මෙතනදි කෙටියෙන් පැහැදිලි කරන්නම් මේ Bitcoin Mining කියන්නෙ මොකක්ද කියන එක ගැන.

කෙටියෙන් කිව්වොත්  මෙතනදි වෙන්නෙ බිට්කොයින් ජාලය එහෙමත් නැත්නම් Blockchain Network එක පවත්වාගෙන යෑමට දායකත්වය ලබා දෙන අයට බිට්කෙයින් ජාලය තුලින්ම බිට්කොයින් ප්‍රමාණයක් ලබා දීමයි.

ඉතින් ඒ විදිහට දායකත්වය ලබා දෙන අයට බිට්කෙයින් ජාලය තුලින්ම Bitcoin ලබා දෙන්න පුලුවන් උපරිම ප්‍රමාණය වෙන්න‍ෙ 21,000,000 BTC ප්‍රමාණයකි. අන්න ඒ නිසා තමා Bitcoin වල Max Supply එක 21,000,000 BTC ලෙස සදහන් වන්නේ.

අපි දැන් එහෙනම් බලමු මොකක්ද මේ Total Supply එක කියන්නෙ මොකක්ද කියල. බිට්කොයින් ලෝකය තුල ජනප්‍රිය වෙමින් පවතින විට විවිධ අරමුණු සහ ප්‍රයෝජන සහිත තවත් Cryptocurrency රැසක් විවිධ පුද්ගයන් සහ විවිධ සමාගම් විසින් ලෝකයට හදුන්වා දුන්නා. එහිදී Coin එකක් වෙළදපලට නිකුත් කරන විට අදාල පුද්ගලයා හෝ සමාගම විසින් සියලුම Coin වෙළදපලට නිතුත් කරන්නේ නෑ. කොටසක් ඔවුන් සතුව තබා ගන්නවා. මොකද මේ Cryptocurrency එක පවත්වග‍ෙන යාමට අවශ්‍ය වන පිරිවැය සපුරාගැනීමට මේ කොටස තබා ගනී. එහිදී අවශ්‍යතාව අනුව කෙටස් වශයෙන් වෙළදපලට නිකුත් කරයි.

ඔබ දැනට Cryptocurrency එකක් පිලිබදව මූලික දැනුම ලබා ගන්නා ආකාරය ගැන හොදින් දැනුවත් වී අති බව අප විශ්වාස කරනවා. අපි මේ මේ ලිපියේ මාතෘකාව පැත්තට හැරෙමු. අපි කතා කරන්න බලාපොරොත්තු වුනේ Altcoin Flipping කරන එක ගැන අනෙක් අතට කිව්වොත් අපි කොහොමද Altcoin එකක් මිලදී ගන්නා අකාරය සහ විකුනන්නෙ කොහොමද කියන එක ගැන කතා කරන එක. නමුත් ඊට පෙර අප ඉහත කතා කල සෑම දෙයක්ම ඔයාලට තේරුම් කරන්න අවශ්‍ය වුනා. හරි ඔයාලට පුලුවන් දැන් Binance එකෙන් Coin එකක් විකුණන ආකාරය සහ මිළදී ගන්නා ආකාරය පහත Video එකෙන් ඉගෙන ගන්න.

ඔබට දැන් පැහාදිලි ඇති Binance එකෙන් අනෙක් Coin මිලදී ගන්නා ආකාරය පිලිබදව. ඔයාලට අපහැදිලි තැන් තියෙනවා නම් අනිවාරයෙන්ම Message එකකින් හරි Comment එකකින් අපිට කියන්න. අපි අනිවාරයෙන්ම උදව් කරනවා. එහෙන්ම් අපේ මීලග ලිපියයෙන් අපි ආයෙත් හමුවෙමු. එහිදී අපි Bitcoin Mining ගැන හොදින් පැහැදිලි කර ගමු.

මීළග ලිපිය:
සල්ලි වවන Bitcoin Mining ගැන හැමදේම