Bitcoin Wallet – Ledger Hardware Cryptocurrency Wallet

Cold Wallet කාණ්ඩයට අයත්වන ආරක්ෂාව අතින් ඉහළම අගයක් ගන්නා cryptocurrency wallet වර්ගයක් වන hardware wallet ගැන තමයි මෙ video එකෙන් අපි කතා කරන්නේ. ඔයාලා අපෙ කලින් වීඩියෝ බැලුවනම් ඔයාලා දන්නවා wallet එකක  ආරක්ෂාව  රඳාපවතින්නේ private key එකේ ආරක්ෂාව මට මත කියලා. ඉතින් මේ hardware wallet වල private key එක කිසිම විදිහකින් අන්තර්ජාලයට සම්බන්ධ වන්නේ නෑ. wallet එකේ private key එක විදිහට වැඩ කරන්නේ මේ වගේ device එකක්. 

ඉතින් cryptocurrency hardware wallet වල  ආරක්ෂාව වැඩියි වගේම මිලදී ගැනීම සඳහා වැයවන මිලත් වැඩියි. නමුත් ඔයාලා වැඩි වටිනාකමකින් යුතු cryptocurrency ප්‍රමාණයක් තබාගෙන සිටිනවා නම් අනිවාර්යෙන් මේ වගේ hardware එකක්  පාවිච්චි කිරීම අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. 

ලෝකයේ මේ වෙනකොට විවිධ brand වලින් මේ hardware wallet මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. මේ අතරින් අද අපි කතා කරන්නේ Ledger කියන Brand එකෙන් වෙළඳපළේ  මිලදී ගැනීමට පුළුවන් cryptocurrency hardware wallet එක පිළිබඳවයි. 

ඔයාලත් මේ Ledger Hardware wallet එක ගන්නවනම් අනිවාර්යයෙන්ම එයාලගේ official website එකෙන් මිලදී ගන්නා වෙනත් තැන්වලින් මිලදී ගැනීමත් ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇතිවීමේ හැකියාව තිබෙනවා. මම පහලින් එයාලගේ official website එකේ ලින්ක් එක දාලා තියන්නම් ගන්න කෙනෙක් ඉන්නවනම් එතනින් ගිහින්  Buy කරන්න. ඔයාලට මෙතැනදී විවිධ මිල ගණන් යටතේ විවිධ පහසුකම් තියෙන device කිහිපයක් බලාගන්න පුළුවන්.

Previous Article

Trust Wallet(Hot Wallet) - Cryptocurrency Wallet එකක් සාදා ගනිමු

Next Article

Bitcoin & Cryptocurrency Trading Sri Lanka - Crypto වල ආයෝජනය කල යුත්තේ ඇයි?

Write a Comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *