Tutorials

Coinbase වල ගිණුමක් සෑදීම සහ එය භාවිතා කරන ආකාරය සරලව

ඔයාල අපේ කලින් ලිපි බැලුවනම් දන්නවා Coinbase කියන්නෙ මොකක්ද කියල.අපට බිට්කොයින් තැන්පත් කරලා තියා ගන්න හැකියාව තියෙන ගිණුමක් අපි Bitcoin Wallet එකක් කියල හදුන්වවවා.බිට්කොයින් කියන්නෙ ඩිජිටල් මුදල් ඒකකයක් ඉතින් අපට ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙන්න ඕනා ආරක්ෂව පිලිබදව.ඉතින් Coinbase කියන්නෙ ලෝකෙ ආරක්ෂව අතින් ඉහලම තත්වෙක තියෙන ඔන්ලයින් Cryptocurrency  Wallet එකක්.අපට මේකෙ කොයින් වරග කිහපයක් තැන්පත්(Store) කරල තියා ගන්න පුලුවන්. ඒ Bitcoin(BTC), Ethereum(ETH), Litecoin(LTC), Bitcoin Cash(BCH) යන Cryptocurrency.ඉදිරියෙදි තවත්  Coin වර්ග වලට Coinbase සහයෝගය දක්වනු ඇත.

CoinBase කියන්නේ ලෝකේ ජනප්‍රියම වගේම සුරක්ෂිතම Wallets වලින් එකක්.සාමන්‍යෙයන් Coinbase වල Bitcoin අතුලු Coinbase සහයොගය දත්වන අනෙක් Cryptocurrency මිලදීගැනීමට සහ විකිනීමට හැකියාව තිබ්බත් ලංකාවෙ අපට Coinbase එකෙන් Bitcoins Buy/Sell කරන්න බැහැ.Wallet එකක් විදිහට සුරක්ෂිතව Bitcoin අතුලු Coinbase සහයොගය දත්වන අනෙක් Cryptocurrency store කරලා තියාගන්න වගේම තව කාට හරි Wallet එකේ තියෙන Cryptocurrency යවන්න වගේම  තව කාගෙන් හරි Bitcoin ගෙන්න ගන්න අපට පුලුවන්(Withdraw and Recieve).එ් කියන්නෙ සරලව අපට ගණුදෙණු කරන්න Coinbase හරහා පුලුවන්

ඉතින් අපි බලමු Coinbase වල ගිණුමක් හදන්නෙ කොහෙමද කියල.ඔයා තාම Coinbase වෙබ් සයිට් එකට ගිහින් නැත්නම් පහල  තියෙන Register Now Button එක ක්ලික් කරන්න.

Register Coinbase

ඔයා ඉස්සල්ලම Coinbase එකට ගියාම මේ විදහට තමයි පෙන්නන්නෙ.

ඊට පස්සෙ දකුණු පැත්තෙ උඩ තියෙනවා Sign Up කියල Button එකක් මේ වගේ.දැන් ඒක ක්ලික් තරන්න.

මීලගට එන Page එක මේ වගේ.එකට ඔයාලගෙ විස්තර නිවරදිව ලබා දෙන්න.පලවෙනි කොටුවෙ ඔයාලගෙ නමේ පලමු කොටස ඒ එක්කම තියෙන අනික් දෙවනි කොටුවෙ ඔයාලගෙ නමේ දෙවනි කොටස.තුන්වන කොටසෙ ඔයාලගෙ Email එක නිවැරදිව දෙන්න.අන්තිම කොටුවෙ Password එකක් දෙන්න.සිම්පල්, කැපිටල්, අංක කිහිපයක් වගේම විශේෂ Character එකක් දාන්න මේ වගේ /-=+ හරි මීලගට පහල තියෙන කුඩ කොටු දෙකත් ක්ලික් කරන්න.කරල Sign Up බොත්තම ක්ලික් කරන්න.

හරි මීලගට මේ වගේ එකක් එයි.

දැන් ඔයා කලින් පියවරේදි දුන්න Email එකට ගිහින් බලන්න Coinbase එකෙන් Mail එකක් අැවිත්.දැන් එ්ක Open කර ගන්න.ඒ Mail එක මේ වගේ පෙන්නයි.දැන් ඒකෙ තියෙන “Verify Email Address” කියල තියෙන එක ක්ලික් කරල ඔයා දුන්නෙ ඔයාගෙම Email එක කියල තහවුරු කර ගන්න.

හරි දැන් ඔයාලට එන්නෙ මේ වගේ එකක්.එ්කෙ ඔයාලගෙ Phonැ Number එක හරියට දාන්න.දාල Submit කියල තියෙන එක ක්ලික් කරන්න.

ඔයාල දුන්න Phone Number එක හරි නම්.ඔයාලගෙ Phone එකට SMS එකක් එවනව Coinbase එකෙන්.ඒකෙ තියෙන Code එක මේ තියෙන කොටුවෙ දාල  Submit කියල තියෙන තැන ක්ලික් කරන්න.

හරි දැන් ඔයාල Coinbase ගිණුම හදල ඉවරයි.දැන් ඔයාලගෙ ගිණුම පෙන්නන්නෙ මේ විදහට.

Coinbase එකට Coin ගෙන්න ගන්න  ආකරය සහ Coinbase එකෙන්  Coin යවන ආකාරය –  Cryptocurrency Deposit and Withdraw

අපි ඉසසල්ලම බලමු  Coinbase Wallet එකට බිට්කොයින් එවන්නෙ කොහොමද කියල. ඔයාල Coinbase එකට Log වුනාට පස්සෙ පෙන්නන Page එකේ මේ වගේ වම් පැත්තෙ උඩට වෙන්න වගේ “Accounts” කියල Menu එකක් තියෙනවා.ඒක ක්ලික් කරන්න.

ඒකට ගියාට පස්සෙ  පෙන්නන්නෙ මේ වගේ Page එකක්.

එ්කෙ  කොයින් එකේ තියෙන Coin වර්ග වලට අදලව පහල තියෙනව Recieve කියල Button එකක්.දැන් ඔයා ගෙන්න ගන්න කැමති කොයින් එකට අදාල  Recieve Button එක ක්ලික් කරන්න.එතකොට එන්නෙ මේ වගේ Page එකක්.එ්කෙ තියෙන Show Address කියන එක ක්ලික් කරන්න.

 

එතකොට එන්නෙ මේ වගේ Page එකක්.එකෙන් ඔයාලට Bitcoin Address එක Copy කර ගන්න පුලුවන්.නැත්නම් පහල රතු පාට කරල තියෙන කොටුව ක්ලික් කරපුවම Address එක Automatically ම Copy වෙනවා.

හරි දැන් තමා හරියටම කරන්න ඕන ටික තියෙන්නෙ.ඔයාලට මතක ඇති අපි CEX එකේ ගිණුම හදන ලිපිය ගැන එකෙ අපි කතා කලා  ඔයාල මිලදී ගත්ත Bitcoin කොහොමද Withdraw කරන්නෙ කියල අන්න එතනදි ඔයාල ඔයාලගෙ Bitcoin ටික Coinbase Wallet එකට දානවා නම් දෙන්න ඔනෙ මෙන්න මේ Bitcoin Adress එක.ඔයා තාම ඒක බලලා නැත්නම් මෙතනින් ගිහින් එක බලල ඉන්න.ඔයාල මේ Adress එක Bitcoin එවන තැනට දුන්නම.විනාඩි කිහිපයකින් නැත්නම් පැයක් වගේ කාලයක් ඇතුලත Bitcoin ඔයාගෙ Coinbase Wallet එකට එනවා.

හරි දැන් අපි බලමු Coinbase එකෙන් Coin කොහොමද වෙන තැනකට යවන්නෙ කියල.ඔයාල කලින් වගේම “Accounts” කියල තියෙන Menu එක ක්ලික් කලාම එන Page එකේ ඔයාල යවන්න යන Coin එකට අදල කොටසෙ තියෙන Send කියල තියෙන  කොටස ක්ලික් කලාම එන කොටසෙ ඔයාල යවන්න බලාපොරොත්තු  වෙන Address එක දාල Send කරන්න.

 

ඔන්න ඔහොම තමා Coinbase එකත් එක්ක වැඩ කරන්නෙ.අපි අද ඔයාලට උපරිම සරල විදිහට මේ ගැන කියල දුන්න.ඔයාලට තව මොනවා හරි ප්‍රශ්ණ තිබ්බොත් පහලින් Comment කරන්න.ඒ වගේම මීලග ලිපියෙන් අපි Binance Exchange එක ගැන කතා කරනවා.ඒ ගැන පොඩ්ඩක් කිව්වෙත් අපි  Cryptocurrency අරගෙන, ලාභ සහිතව විකුණල, අයෙත් අරගෙන  ආයෙ විකුණල  සල්ලි මවන විදිහ ගැන කතා කරන්නෙ ඒ ලිපියෙන්.අපි මේ වෙනකල් කතා කලේ මුලින්ම බිට්කොයින් අරගෙන ඒව Wallet දා ගන්න ආකාරය ගැන විතරයි.හොදම ඒව තව ඉදිරියට.ඒ නිසා ටිකෙන් ටික ඉවසීමෙන් ඉගෙන ගමු.ඒ වගේම අපේ සයිට් එක තව කෙනෙක්ට බලන්න Facebook එකේ Share කරන්නත් අමතක කරන්න එපා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *